රන්ජන්ගේ තවත් ආන්දෝලනාත්මක හඬ පට කරළියට
Monday, 13 January 2020 - 19:33 | Views - 5,459
රන්ජන් රාමනායකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීම සඳහා එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා හඬ පටයක් සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායකට අධිකරණය මඟ හැර සිටීමට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, රංගන ශිල්පිනියක් සමඟ එක්ව යශෝධරා දේවිය වැනි බෞද්ධාගමට සම්බන්ධ ශ්‍රේෂ්ඨ චරිතවලට අපහාස කළ තවත් හඬ පටයක් පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ ජාතික සංවිධානය කරුණු අනාවරණ කළා.
එහිදී සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
Share This Article