ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ට කලාකරුවන් ඇතුළු රැසකගේ අවසන් ගෞරවය
Monday, 13 January 2020 - 19:28 | Views - 1,640
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා දින පස්වරු 5ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
රංගන ප්‍රතිභාවයෙන් රසික සිත් සැනසූ මේ සොඳුරු කලාකරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ඔහුගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියා.
මේ අතර, ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පෙන්වා දෙන්නේ ජයලත් මනෝරත්නයන් සිය විෂය පරාසය තුළින් අපේක්ෂා කළ උත්තර සාරධර්ම සුරැකෙන සමාජයක් සේම ආදරණීය පුරවැසියෙකු ගොඩ නැගීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මොහොතේ ඔහුගේ අභාවය සාහිත්‍ය මෙන්ම සමාජයීය වශයෙන් ද බලවත් පාඩුවක් බවයි.
Share This Article