ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ට කලාකරුවන් ඇතුළු රැසකගේ අවසන් ගෞරවය
Monday, 13 January 2020 - 19:28 | Views - 1,641
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා දින පස්වරු 5ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

රංගන ප්‍රතිභාවයෙන් රසික සිත් සැනසූ මේ සොඳුරු කලාකරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ඔහුගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියා.

මේ අතර, ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පෙන්වා දෙන්නේ ජයලත් මනෝරත්නයන් සිය විෂය පරාසය තුළින් අපේක්ෂා කළ උත්තර සාරධර්ම සුරැකෙන සමාජයක් සේම ආදරණීය පුරවැසියෙකු ගොඩ නැගීමේ පියවරට රට අවතීර්ණ වී ඇති මොහොතේ ඔහුගේ අභාවය සාහිත්‍ය මෙන්ම සමාජයීය වශයෙන් ද බලවත් පාඩුවක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top