රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අනිද්දා
Monday, 13 January 2020 - 13:53 | Views - 626
අභාවප්රාප්ත ප්රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඥාතීන්, සහෝදර කලාකරුවන්, දේශපාලනඥයින් සහ ප්රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් ඊයේ (12) පස්වරුවේත් ඔහුගේ නිවසට පැමිණ සිටියේ දශක 5කට අධික කාලයක් මෙරට රසික සිත් ආනන්දයෙන් ප්රඥාවට ගෙන ගිය සොඳුරු කලාකරුවාට අවසන් ගෞරව දැක්වීම සඳහායි.
අභාවප්රාප්ත ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (15) පස්වරු 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
Share This Article