අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ දේහයන් දිවයිනට ගෙන ඒමට රජයෙන් ප්‍රතිපාදන
Monday, 13 January 2020 - 13:11 | Views - 762
අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හට ගත් ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජීවිතක්ෂයට පත්වූ එම සිසුවියන්ගේ දෙමාපියන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි.
ඒ අනුව සිසුවියන්ගේ සිරුරු මෙරටට ගෙන්වීමට රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙන බව අමාත්‍යවරයා දෙමාපියන් වෙත ප්‍රකාශ කර තිබෙනවා.
අනිද්දා වන විට දේහයන් මෙරටට රැගෙන ආ හැකි බවයි විදේශ අමාත්‍යාංශය මීට පෙර පවුලේ ඥාතීන් වෙත දැනුම් දී තිබුණේ.
Share This Article