පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට ලැබුණු දඬුවම
Monday, 13 January 2020 - 12:53 | Views - 465
බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුලු චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (13) බරපතල වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම කළා.

එමෙන්ම මොහුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද නියම කළ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙසයි නියෝග කළේ.

එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 6 ක සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා දැනුම් දුන්නා.

මෙලෙස දඬුවම් නියම වූයේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට වන අතර, 2013 වසරේ නොවැම්බර් මස සිට 2014 නොවැම්බර් මස දක්වා වසරකට ආසන්න කාලයක් මොහු මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබුණා.

මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත වීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (13) මරණ දඬුවම ලබා දුන්නා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිි 35 හැවිරිදි අදාළ පුද්ගලයා 2016 වසරේදී හෙරොයින් ග්‍රෑම් 13.23 ක් ළඟ තබාගෙන ජාවාරමේ යෙදුනු බවටයි චෝදනා එල්ලවූයේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top