පුද්ගල ඝාතනයකට ඇල්ලූ පෙර පාසල් ගුරුවරිය රිමාන්ඩ්
Monday, 13 January 2020 - 12:26 | Views - 1,245
තණමල්විල - සමාධිගම ප්රදේශයේදී පසුගිය 10 වනදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පෙර පාසැල් ගුරුවරිය අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වැල්ලවාය මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
මෙම පෙර පාසල් ගුරුවරිය මියගිය තරුණයා සමඟ අනියම් සබදතාවයක් පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී විනාශ කර දැමූ ජංගම දුරකථනයක් ද සොයා ගෙන ඇති අතර 37 හැවිරිදි, ඇය බෝදාගම - සමාධිගම ප්රදේශයේ පදිංචිකාරිනියක්.
Share This Article