ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 2500ක්
Monday, 13 January 2020 - 12:10 | Views - 904
මෙම වසර අවසන් වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 2500ක් එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 6,000 ක් පැවතිය ද ඉන් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින්නේ බස් රථ 2,000ක් පමණයි.
මේ අනුව ආසන 36 ත් 56 ත් අතර නව බස් රථ 400 ක් සහ ආසන 26යේ බස් රථ 100 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
Share This Article