මුහුණ සම්බාහනය කරන නිවැරදි ක්‍රමය මෙන්න
Monday, 13 January 2020 - 12:06 | Views - 2,106
පැහැපත් වීමට කරනු ලබන සත්කාර අතර මුහුණ සම්බාහනය කිරීමටත් ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මුහුණ සම්බාහනය කිරීම මඟින් මුහුණේ ලේ ගමනාගමනය හොඳින් සිදුවීමට උපකාරී වෙනවා. ඒ වගේම මුහුණ අවපැහැ ගැන්වීම, ලප කැළැල් මතුවීම සහ වියපත් පෙනුම ඉවත් කර මුහුණට නැවුම් සහ ප්‍රියමනාප පෙනුමක් එක්කිරීමට සම්බාහනය මඟින් හැකියාව තිබෙනවා.

දැන් අපි ඔබට කියන්නේ මුහුණ නිවැරැදිව සම්බාහනය කරගන්නා ආකාරය පිළිබඳවයි.

මුහුණේ ඇතැම් මාංස පේශි සරල රේඛීයවත් ඇතැම් ඒවා වෘත්තාකාරවත් පිහිටා තිබෙනවා. අප මුහුණ සම්බාහනය කිරීමේදී මාංස පේශි පිහිටා තිබෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුවයි එය කළ යුත්තේ. මාංස පේශි පිහිටා ඇති හැඩයේ ආකාරයටයි මුහුණ සම්බාහනය කළ යුත්තේ. සම්බාහනය කිරීමේදී පළමුව මුහුණ පිරිසුදු කරගෙන උණුසුම් ජල වාෂ්පවලින් මුහුණ තෙත් කිරීම (Steam) කළ යුතුයි.

ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ සම්බාහනය කිරීම සඳහා සමන්පිච්ච සාරය, තලතෙල් ආදිය භාවිත කළ හැකිය. ඔබට සාමාන්‍ය සමක් තිබෙනවා නම් සම්බාහනය සඳහා තල තෙල්, ඔලිව් තෙල්, මී පැණි, නැවුම් කිරි ආදිය යොදා ගත හැකිය. තෙල් සහිත සමක් තිබෙනවා නම් මුහුණ සම්බාහනය කිරීම සඳහා සූරියකාන්ත තෙල්, දෙහි බින්දු කිහිපයක්, මී පැණි ආදිය යොදා ගත හැකිය.

ඒ වගේම පහත සඳහන් ස්ක්‍රබ් වර්ග යොදා සම්බාහනය කර සමේ මැරුණු සෛල ඉවත් කරගෙන සමට නැවුම් සහ පැහැපත් පෙනුමක් එක්කර ගත හැකිය.

වියළි සමට ස්ක්‍රබ්

සුදු හඳුන්කුඩු පිරිසුදු පොල් තෙල් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඉන් පසුව රවුම් ආකාරයට උඩු අතට මුහුණ සම්බාහනය කරන්න.

තෙල් සහිත සමට ස්ක්‍රබ්

කොත්තමල්ලි හොඳින් කුඩු කර මී පැණි සමඟ කලවම් කර මුහුණේ ආලේප කරන්න. පසුව මුහුණ හොඳින් සම්බාහනය කර සෝදා ඉවත් කරන්න.

සාමාන්‍ය සමට ස්ක්‍රබ්

වෙනිවැල්ගැට කුඩුවලට කෝමාරිකා ජෙල් ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කරන්න. පසුව මුහුණ හොඳින්ම සම්බාහනය කරන්න.

මේ ආකාරයට මුහුණ ස්ක්‍රබ් කර සම්බාහනය කිරීමෙන් අනතුරුව මුහුණට පැක් එකක් යෙදීම කළ හැකිය.

පැක්

කෝමාරිකා ජෙල්, දෙහි බින්දු කිහිපයක්. ඕට්ස් පිටි සහ රෝස වතුර එක්කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න.

කස්තුරි කහ, මී පැණි සහ එළකිරි සමඟ මිශ්‍රකර පැක් එකක් සාදා මුහුණේ ආලේප කරන්න.

සුදු හඳුන් කුඩු, රත් හඳුන් කුඩු සහ වැල්මදට මිශ්‍ර කර පැක් එකක් සාදා මුහුණේ ආලේප කිරීමද කළ හැකිය.

මෙම පැක් වර්ග අතුරින් එකක් ආලේප කර විනාඩි 20කින් පසුව සෝදා ඉවත් කරන්න.

මෙම සත්කාරවල නිරතවන විට ඔබේ මුහුණටත් නැවුම් ප්‍රියමනාප සහ පැහැපත් පෙනුමක් එක්කර ගත හැකිවේවි.



ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top