ගුවනේදී මගීන් දෙදෙනෙක් හදිසියේම ජිවීතක්ෂයට - ලයන් එයාර් යානයක් මගීන් 285ක් සමඟ කටුනායකට හදිසියේ ගොඩබස්සවයි
Monday, 13 January 2020 - 9:28 | Views - 731
සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ඒ 330 වර්ගයේ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් මගීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වීම නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට  ගොඩබස්සවා තිබෙනවා.

මගීන් 285 දෙනෙකු රැගත් එම යානයේ ගමන් ගත් 77 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ 64 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ගුවන් ගමන් අතරතුර සිහිසුන් වී ඇති අතර, ප්‍රතිකාර සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබස්සවා ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ගුවන් තොටුපලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top