ගුවනේදී මගීන් දෙදෙනෙක් හදිසියේම ජිවීතක්ෂයට - ලයන් එයාර් යානයක් මගීන් 285ක් සමඟ කටුනායකට හදිසියේ ගොඩබස්සවයි
Monday, 13 January 2020 - 9:28 | Views - 732
සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ඒ 330 වර්ගයේ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් මගීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වීම නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබෙනවා.
මගීන් 285 දෙනෙකු රැගත් එම යානයේ ගමන් ගත් 77 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ 64 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ගුවන් ගමන් අතරතුර සිහිසුන් වී ඇති අතර, ප්‍රතිකාර සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබස්සවා ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ගුවන් තොටුපලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙක්.
Share This Article