ත්‍රීරෝදරථ අනතුරින් පවුලේ සියලූ දෙනා මියයද්දී, දිවි බේරුණු තරුණයා වසර ගණනකට පසු සියදිවි හානි කර ගනී
Monday, 13 January 2020 - 9:21 | Views - 6,498
මීට වසර ගණනාවකට පෙර පවුලේ මව ඇතුළු ඥාතීන් සමඟ ත්‍රීරෝද රථයකින් ගමනක් යද්දී සිදුවූ අනතුරකින් දිවි බේරුණේ දිල්ෂාන් කනිෂ්ක පුෂ්ප කුමාරගේ පමණි.
 
බෝම්බුව ප්‍රදේශයේ පදිංචි ඔහු 22 හැවිරිදි වියේ පසුවුණා. සිය මිත්තනිය සමඟ ජීවත්වූයේ මව සහ සොයුරිය අනතුරින් මියගිය නිසයි.

එහෙත් ඉකුත් 16 දා රාත්‍රි ගෙලවැලලාගෙන නිවස තුළදී සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 80 පමණ වයසේ පසුවන තමන් රැකබලාගත් ආච්චි අම්මාටද දුකක් අත්කර දෙමිනුයි.
 
මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී (7) පැවැති අවස්ථාවේදී සාක්‍ෂි දුන් මියගිය තරුණයාගේ මිත්තණිය වන සිසිලියා පෙරේරා නමැති අය මෙසේ පැවැසුවා.
 
"සිද්ධිය වූ දින (6) රාත්‍රි 8.00 පමණ වනතුරු මුනුපුරා නිවසේ හිටියා. මොහු ෆෝන් දෙකතුන භාවිත කරනවා. එදා රැකියාවට ගොස් පැමිණි වේලේ පටන් මාරුවෙන් මාරුවට ෆෝන් වලින් කතා කරමින් හිටියා. විටෙක ගෙය වටේ පවා යමින් දුරකථනවලින් කතා කළා. මම කීප විටක්ම කිව්වා, ළමයෝ කෑම සීතල වෙනවා. කෑම කන්න කියා. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මම නින්දට ගියා. රාත්‍රී 12.00 ට පමණ ඇහැරී බලන විට මුනුපුරා පේන්න නැති නිසා කුස්සිය දෙසට ගියා. එවිට මම දුටුවා මොහු මේසය මත වාඩිවී සිටිනවා වාගේ. නමුත් කතා නොකළ නිසාත් බෙල්ලේ ලනුවක් තිබූ නිසාත් අසල නිවසක අයට කතා කර ඔවුන් සමඟ බලනවිට මියගොස් සිටින බව තේරුම් ගියා. මොහුට ආර්ථික ප්‍රශ්න කිසිවක් තිබුණේ නැහැ..."
 
මෙහිදී සාක්‍ෂිදුන් මියගිය අයගේ මස්සිනා කෙනෙකු වන පී. එච්. ඉශාන් තරිදු මධුසංඛ මෙසේ පැවැසීය.
 
"මොහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. වාහනයක්ද තිබුණා. නමුත් නිතර දුරකථන භාවිතය වැඩි බව මා දුටුවා. එම සංවාද වලදී මට අසන්නට ලැබී තිබෙනවා ගැහැනු ළමයින් සමඟ තද ඇසුරක් පවත්වනවා කියා. මෙවැනි හේතුවක් නිසා සිය දිවි හානිකරගන්නට ඇතැයි මා සිතනවා..."
 
පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එල්. කේ. සී. ඩී. ආරියරත්න මහතා විසින් සිදුකරනු ලැබුවා.
 
සාක්‍ෂි මෙහෙයවීම බළන්ගොඩ පොලිසියේ පො.සැ.ආයුවර්ධන මහතා විසින් සිදුකරන ලද අතර මෙය ගෙල වැලලාගෙන සිදුකරගත් හදිසි මරණයක් බවට බළන්ගොඩ වැඩබලන නාගරික හදිසි මරණ පරීක්‍ෂක එස්. එම්. අයි. ඩී. මීගස්දෙනිය මහතා සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා පදනම් කරගෙන තීන්දු කළා.
 
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top