පිටසක්වළ ජීවීන් ඉන්නවා-ඔවුන් අපි අතරම ජීවත් වෙනවා
Monday, 13 January 2020 - 8:30 | Views - 1,397
පිටසක්වළ ජීවීන් ජීවමාන අතර, ඔවුන් අප අතරම දිවි ගෙවීමට ඉඩ ඇති බව බි‍්‍රතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප‍්‍රථම පුද්ගලයා පවසයි.
 
 විශ්වයේ කොතැනක හෝ වෙනත් භූමියක ජීවීන් සිටින බව ආචාර්ය හෙලන් ෂාමන් ‘ඔබ්සර්වර්‘ සඟරාවට පැවසීය.
 
 ”පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ. බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,” ඇය පැවසුවාය.
 
 56 වෙනි වියේ පසුවන ආචාර්ය හෙලන් ෂාමන් 1991 වර්ෂයේ දී ‘මිර්‘ නමැති සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑම ඓතිහාසික සිද්ධියක් විය.
 
 ඇය මේ වන විට ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ රසායනඥයෙකු ලෙස සේවයේ නියැළී සිටී. ‘‘පිටසක්වළ ජීවීන් මේ මොහොතේ පවා ඉන්න පුළුවන්, නමුත් අපිට ඔවුන් පෙනෙන්නේ නැති විය හැකියි,” ඇය කියා සිටියාය. එමෙන්ම, මනුෂ්‍යයන් මෙන් ඔවුන් කාබන් සහ නයිට‍්‍රජන්වලින් නිර්මාණය වී නැති විය හැකි බව ඇය තවදුරටත් පැවසුවාය.
 
 මේ අතර, අභ්‍යවකාශයට ප‍්‍රථමයෙන් ගිය බි‍්‍රතාන්‍යය පුද්ගලයා ලෙස නොව, ප‍්‍රථම බි‍්‍රතාන්‍ය කාන්තාව ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ඉච්ඡුාභංගත්වය ගැන ද ඇය මෙම සාකච්ඡුාවේ දී සඳහන් කළාය.
 
 ‘‘එයින් කියවෙන්නේ ප‍්‍රථමයෙන් අභ්‍යවකාශයට යන්න ඇත්තේ පුරුෂයෙකු යැයි අප සිතන බවයි” යනුවෙන් ඇය පැවසීය.
 
 ”ටිම් පීක් අභ්‍යවකාශයට ගිය පසු, සමහර පුද්ගලයන්ට මාව අමතක වුණා. පුරුෂයෙකු ප‍්‍රථමයෙන් යෑම තමයි සාමාන්‍ය සම්මතය වී තිබෙන්නේ. මට අතිශය සතුටුයි ඒ මතය කණපිට පෙරළුවට.”
 
 ”අභ්‍යවකාශයේ සිටීමෙන් මම ඉගෙනගත් දෙයක් තමයි භෞතික දේවල් නෙමෙයි මිනිස්සුයි ඇත්තෙන්ම වටින්නේ කියන එක.”
 
 ”නිසි උෂ්ණත්වය, ආහාර පාන, ආරක්ෂාව ඇතුළු උඩ දී අපිට ජීවත් වෙන්න අවශ්‍ය සියලූ දේ තිබුණා. පොළොවේ දී අයිති වෙලා තිබුණ කිසිම දෙයක් ගැන මම කිසිම විටක සිතුවේ නැහැ,” ඇය පැවසුවාය.
 
 ”අපි පෘථිවියේ විවිධ කොටස්වලට ඉහළින් පියාසර කරද්දී, සැම විටම සිතුවේ පහළින් සිටින අපේ ආදරණීයන් ගැන” ඇය තවදුරටත් පැවසීය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top