ස්ථාන කිහිපයක අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි
Monday, 13 January 2020 - 8:18 | Views - 492
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විශේෂයෙන්ම වයඹ සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article