රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට
Monday, 13 January 2020 - 8:13 | Views - 547
මුලිතිව්, මූංගිආරු ප්රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article