අද උදෑසන 8 සිට පැය 24ක් ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Monday, 13 January 2020 - 8:12 | Views - 529
අද (13) උදෑසන 8 සිට පැය 24ක කාලයක් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (14) පෙරවරු අට දක්වා පෑලියගොඩ, වත්තල, මාබෝල, හැදල, ඇළකන්ද සහ ගෝනවල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
Share This Article