17 හැවිරිදි දියණිය සියදිවි හානිකරගත් සිද්ධියට ශෝකයට පත්වූ මවත් කර ගත් අපරාධය
Monday, 13 January 2020 - 8:09 | Views - 570
සිය දියණිය සියදිවි හානිකරගත් ශෝකයට, සිරුරට ගිනි තබාගත් කාන්තාවක් යාපනය රෝහලේ දී පසුගිය 11 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය, කොක්කුවිල් ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 48ක කාන්තාවක් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පසුගිය 08 වනදා අදාල කාන්තාවගේ 17 හැවිරිදි දියණිය ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර එයට ශෝකයට පත්වූ ඇය මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි අදාල මව රෝහල්ගතව ප්රතිකාර ලබන අතරතුරයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
Share This Article