නිරුවත් පිංතූර අන්තර්ජාලයට දමන බව කියා පෙම්වතියගෙන් සල්ලි ගැරූ නරුම පෙම්වතා
Sunday, 12 January 2020 - 9:13 | Views - 1,029

දෙසැම්බර් 31 වැනිදා උදෑසන අකුරැස්ස පොලිසිය බෙහෙවින් කාර්යබහුල වී තිබිණි. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණේය.
මේ අපරාධයට සම්බන්ධ 17 හැවිරිදි වියේ පසුවූ තරුණයකු ද ඒ වන විට පොලිස් භාරයට ගෙන තිබිණි. මේ තරුණයා නමින් මධුසංඛය. ඒ වන විට මධුසංඛගේ පියා කරුණේ මුදලාලි ද අකුරැස්ස පොලිසිය වෙත කැඳවා තිබුණේය.
ලාබාල තරුණයා සම්බන්ධයෙන් එල්ල වී තිබූ අපරාධ චෝදනාව පිළිබඳව විමර්ශන පැවැත්වීමේ කාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා විසින් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංජන පෙරේරා වෙත භාර දුන්නේය.
කරුණේ මුදලාලි අකුරැස්ස පොලිසියේ බොහෝ නිලධාරීන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි. මුදල් පොලියට දීම, සූදු ක්‍රීඩාවේ නිරත වීම සිය ප්‍රධාන ආදායම් මාර්ග කරගත් කරුණේ මුදලාලි අකුරැස්ස ප්‍රදේශයේ තරමක කුප්‍රකට චරිතයකි.
කරුණේ මුදලාලි පොලිසියේ අපරාධ අංශය වෙත ගොස් එහි ස්ථානාධිපති ප්‍රියංජන පෙරේරා සමග මොකක්දෝ රහසිගත සාකච්ඡාවක නිරත වුණේය. ‘සර්... මගේ කොල්ලව අතඇරලා දාන්න. ඌ තාම පොඩි එකෙක් මේ වැරදි කරලා තියෙන්නෙ ඌ නොදැනුවත්ව. ඒ නිසා උසාවි නොදා මේ ප්‍රශ්නෙ අපි ගොඩින් බේරගමු.’
කරුණේ මුදලාලි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට සමීපවී හෙමිහිට කීවේය. ‘මේ අපරාධය තමුන්ට පුංචි එකක් වුණාට ඒක පොලිසියට ලොකු අපරාධයක්. ඒ නිසා අපේ වැඩවලට ඇ`ගිලි නොගසා පැත්තකට වෙලා ඉන්නවා.’
උප පොලිස් පරීක්ෂක ප්‍රියංජන පෙරේරා කරුණේ මුදලාලිට එසේ කීවේ තරමක තද ස්වරූපයකින්ය.
‘සර්... මම මේ පොලිසියේ ගොඩක් මහත්වරු හොඳට අඳුනනවා. ඒ අය එක්ක මම හොඳට කාලා බීලා විනෝද වෙලා තියෙනවා. පාටි දාලා තියෙනවා, එහෙව් එකේ මේ වගේ දෙයක් අපට ගොඩින් බේරගන්න බැරිවෙන එකක් නැහැ..’
කරුණේ මුදලාලි තම පුත්‍රයාගේ ගැටලූව ගොඩින් බේරා ගැනීමට විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට වුණේය. එහෙත් ඒ කිසිවක් උප පොලිස් පරීක්ෂක ප්‍රියංජන පෙරේරා ගණනකට ගත්තේ නැත. ‘හරි සර් අපි මේක මෙතනම ඉවර කරලා දාමු... මම අපේ අලූත් ඕ.අයි.සී. මහත්තයට රුපියල් ලක්ෂ හයක් දෙන්නම්. ඒක කට්ටියටම බෙදා ගන්න බැරියෑ. මොනරකොළ ඉස්සරහ ඕනෙම ජගතෙක් දණ ගහනවා. අපි මේ ප්රශ්නය අදම ඉවර කරලා දාමු.. මම දැන්ම ගිහින් සල්ලි අරගෙන එන්නම්...’
කරුණේ මුදලාලිගේ යෝජනාව ඇසීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියංජන පෙරේරා අන්දුන්කුන්දුන් වුණේය. ඔහු කිසිත් නොකියා අකුරැස්ස පොලිස් ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතා වෙත ගොස් කරුණේ මුදලාලිගේ යෝජනාව ඉදිරිපත් කළේය.
මධුසංඛ කරුණේ මුදලාලිගේ බාල පුත්‍රයාය. මොවුන් පදිංචිව සිටියේ අකුරැස්ස නගරය ආසන්නයේය. අකුරැස්ස ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලැබූ මධුසංඛ පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුණේය.
හංසමාලි අධ්‍යාපනය ලැබූවේද මධුසංඛ අධ්‍යාපනය ලැබූ පාසලේමය. සෑහෙන වත්පොහොසත් කම් ඇති පවුලක ලාබාල දියණිය වූ හංසමාලි රූමත් තරුණියක වූවාය. මධුසංඛ හංසමාලි පේ‍්‍රම වෘත්තාන්තය ආරම්භ වන්නේ මීට වසර කීපයකට උඩදීය. එකම පාසලේ එකම පන්තියේ අධ්‍යාපනය ලබද්දී හංසමාලිට මධුසංඛ ගෙන ආ පේ‍්‍රම ඇරයුම ඉවත දැමීමට හැකි වුණේ නැත.
‘මම ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි හංසමාලි. ඒක ආත්ම ගණනක බැඳීමක් එක්ක ඇති වෙච්ච ආදරයක් වගෙයි..’
මධුසංඛගේ චාටු බස් හමුවේ අහිංසක හංසමාලි අසරණ වූවාය.
‘මට බයයි.. මම තාම ඉගෙන ගන්නවා. ගෙවල්වල අය මං ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ..’
හංසමාලි මධුසංඛගේ යෝජනාවලින් බේරීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක් ඔහු ගණනකට ගත්තේ නැත.
හංසමාලිගේ වැඩිමහල් සොහොයුරා කොරියාවේ රැකියාවක නිරතව සිටියේය. අනෙක් සොයුරා විදේශ නැවක රැකියාවක් කළ අතර හංසමාලි සිය මවුපියන් සහ වැඩිමහල් සොහොයුරිය සමග අකුරැස්සේ පදිංචිව සිටියාය. හංසමාලිගේ වැඩිමහල් සොහොයුරිය සුනේත්‍රා බොහොම කාර්යශූර කාන්තාවකි. සුනේත්‍රාගේ විවාහක සැමියා ජපානයේ රැකියාවක් කළේය. තම සැමියා ජපානයේ රැකියාවක් කරමින් ඉපයූ මුදල් ඉතිරි කළේ සුනේත්‍රාය. ඒ මුදල් රජයේ බැංකුවක සුනේත්‍රාගේ නමින් ඇති ගිණුමකට බැර කෙරිණි. කොරියාවේ සිටින සොහොයුරා උපයන මුදල් ආරක්ෂා කිරීමට ලබා දුන්නේද සුනේත්රාටය. මාසිකව රුපියල් ලක්ෂ ගණනක මුදල් සුනේත්‍රාගේ බැංකු ගිණුම්වල එකතු වුවද ඇය ඒ මුදල් වියදම් කිරීමට ලබාගත්තේ නැත.
තම දෛනික වියදම් සපුරා ගැනීම සඳහා සුනේත්‍රා පුංචි ව්‍යාපාරයක් කරගෙන ගියාය. නිවසේම පවත්වාගෙන ගිය පුංචි ඇ`ගලූම් ව්‍යාපාරයකින් ඇය තම පවුලේ වියදම් සියල්ල සපුරා ගත්තාය.
තම බාල සොහොයුරිය හංසමාලි පේ‍්‍රම දැලක පැටලී තිබෙන බව සුනේත්‍රා දැනගන්නා විට සම්බන්ධය සෑහෙන දුරදිග ගොස් තිබුණේය.
naked2‘අපි මේ හැමදේම කරන්නෙ උඹට හොඳට උගන්වන්න. උඹ හොඳ රස්සාවක් කරලා හොඳ තැනක ඉන්නවා බලන්න. ඒ හැම දේටම වැඩිය උඹට කොහෙද ඉන්න රස්තියාදුකාරයෙක් ලොකු වුණා. උඹ අදම ඔය සම්බන්ධය නතර කරලා දාන්න ඕනෙ. ඔය රස්තියාදුකාරයා අපට කොහොමත් ගැලපෙන්නේ නැහැ. සුනේත්‍රා තම නැගණියගේ සම්බන්ධයට තදින් විරුද්ධ වූවාය. හංසමාලිගේ මව්පියන්ගෙන් ද ඇයට දැඩි බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය. ‘ඔය කවුරු මොනවා කිව්වත් මම කොහොමද මධුසංඛ අයියව අමතක කරලා දාන්නෙ. මම එයාට ගොඩක් ආදරෙයි. එයාගෙන් තොර ලෝකයක් ගැන මට හිතන්න බැහැ.
වැඩිහිටියන්ගෙන් ලැබුණු අවවාද අනුශාසනා සියල්ල ගණනකට නොගත් හංසමාලි මධුසංඛ සමග පැවැත්වූ පේ‍්‍රම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වූ හංසමාලි උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානම් වූවාය. බාහිර ක්‍රියාකාරකම්වලට මුල්තැන දී සිටි මධුසංඛ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණේය. අධ්‍යාපන කටයුතු එතැනින් හමාර කළ මධුසංඛ අකුරැස්සේ රස්තියාදුකාරයන්ගේ සංගමයට බැඳුණේය.
හංසමාලි මධුසංඛ පේ‍්‍රම පලහිලව්ව පවුල් දෙකේ වැඩිහිටියන් අතර ආරවුල් දක්වා දුරදිග ගොස් තිබුණේය. මේ ආරවුල් අකුරැස්ස පොලිසියේ පොත්වල පවා ලියැවී තිබිණි.
‘ඔය කොල්ලගෙ තාත්තා මහ ජරා මිනිහෙක්. ඒ මිනිහා බූරු ගහනවා, සල්ලි පොලියට දීලා අහිංසක මිනිස්සුන්ගෙ රීරිමාංශ කනවා, ඔය වගේ උන් අපට ගැලපෙන්නෙ නැහැ. උඹ මේ සම්බන්ධය නතර නොකළොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. හංසමාලිගේ වැඩිමහල් සොහොයුරිය සුනේත්‍රා ඇයට නිතර අවවාද දෙන්නට වූවාය.’
මේ පවුලේ දෙක අතර ඇතිවූ ආරවුල් අකුරැස්ස පොලිසිය විසඳුණු ලැබුණේ කරුණේ මුදලාලිට වාසිවන අන්දමටය. ඒ කරුණේ මුදලාලිට අකුරැස්ස පොලිසියේ තිබූ සම්බන්ධතා නිසාය.
පාසල් අධ්‍යාපනය හමාර කර අකුරැස්සේ රස්තියාදුකාරයන්ගේ සංගමයට බැඳුණු මධුසංඛ හතර දිග්බාගයේ රස්තියාදු ගසන්නට පටන් ගත්තේය. තම පියා වූ කරුණේ මුදලාලිට අයත් යතුරුපැදිය තමාගේ කරගත් මධුසංඛ උදේ සිට රැ වනතුරුම රස්තියාදු ගැසුවේය. ලයිෂන් නොමැතිව යතුරුපැදිය පැදවීම සම්බන්ධයෙන් මධුසංඛ පොලිසියට කොටු වන්නේ ඔය අතරතුරදීය. ලයිෂන් නොමැතිව යතුරුපැදිය පැදවීම සම්බන්ධයෙන් දඩ මුදලක් ගෙවීමට මධුසංඛට සිදුවිය.
තමන් පොලිසියට හසුවූ බව පියාගේ කනවැකුණොත් යතුරුපැදිය නැවත නොලැබෙන බව දැන සිටි මධුසංඛ එය රහසක් සේ තබා ගැනීමට කටයුතු කළේය.
එහෙත් දඩ මුදල් ගෙවීමට මධුසංඛ සතුව මුදල් තිබුණේ නැත. පියාගෙන් මුදල් ඉල්ලා ගැනීමට මධුසංඛට අවස්ථාවක් තිබුණේ ද නැත. දස අතේ කල්පනා කරමින් සිටි මධුසංඛට නුවණක් පහළ වුණේය. ඔහු තම පෙම්වතිය වූ හංසමාලි සොයගෙන ගියේය. හංසමාලිගේ පවුල සෑහෙන වත්පොහොසත්කම් ඇති පවුලක් නිසා ඇයගෙන් උපකාරයක් ඉල්ලා ගැනීමට හැකිවනු ඇතැයි මධුසංඛ සිතුවේය. ඔහුගේ සිතුවිල්ල ඒ අයුරින්ම සඵල වුණේය.
‘හංසමාලි මං ලොකු කරදරේක වැටිලා ඉන්නෙ. ඔයාට විතරයි මට පිහිට වෙන්න පුළුවන්. මට උදව් කරන්න. පොලිසියේ දඬේ ගෙවන්න මගේ ළ`ග සල්ලි නැහැ. මට සල්ලි ටිකක් හොයලා දෙන්න.’ මධුසංඛ කළ ඉල්ලීම කෙසේවත් බැහැර කළ නොහැක. එතරම් මුදලක් තමා සන්තකයේ නොමැති බව හංසමාලි දැන සිටියාය. එහෙත් කෙසේ හෝ මධුසංඛ බේරා ගැනීමට සිතූ හංසමාලි තම සොහොයුරිය සුනේත්‍රාගේ අල්මාරියේ තිබූ මුදල් සොරාගෙන මධුසංඛ වෙත ගෙනැවිත් දුන්නාය.
‘ඔයා මට කොයිතරම් ආදරේද කියලා හිතෙන්නෙ දැන් තමයි. මං දන්නවා ඔයා මාව අමාරුවෙ වැටෙන්න දෙන්නෙ නැති බව. මේ පොලිසියෙ ප්‍රශ්නෙ විසඳගෙන මම එන්නම්...’
මධුසංඛ තම පෙම්වතිය ගෙන ආ මුදල් රැගෙන ඇයගෙන් සමුගත්තේය. මේ සිදුවීමෙන් පසු මධුසංඛ නිතර නිතර හංසමාලිට ඇවිටිලි කරමින් මුදල් ලබා ගන්නට පෙළඹුණේය.
මධුසංඛගේ සෑම අවශ්යතාවකටම හංසමාලිට මුදල් ලබා දෙන්නට සිදුවිය. එය හංසමාලිට මහා වධයක් වන්නට වැඩි දවසක් ගත වුණේ නැත. ‘මධුසංඛ මේ වැඬේ හැමදාම කරන්න බැහැ. මම කොහෙන්ද මෙහෙම සල්ලි දෙන්නෙ. හැමදාම අක්කගෙන් සල්ලි හොරකම් කරනවා. ගෙදර අයට කොයි වෙලාවක හරි මාව අහුවෙනවා.’
අහිංසක හංසමාලි හඬා වැටෙමින් තමන් පත්ව ඇති අසරණ තත්ත්වය ගැන මධුසංඛට කීවාය. එහෙත් ඒ කිසිවක් ඔහු ගණනකට ගත්තේ නැත. මිතුරන් සම`ග විනෝද වීමට තම යතුරුපැදිය අලූත්වැඩියා කර ගැනීමට, ඇඳුම් පැළඳුම් ගැනීමට හිතෙන හිතෙන ආහාරපාන ලබා ගැනීම ඇතුළු මෙකී නොකී සියලූ අවශ්‍යතා සඳහා මධුසංඛ අහිංසක හංසමාලිගෙන් මුදල් ලබාගන්නා තත්ත්වයට පත්ව සිටියේය.
‘මට තවත් මේ වැඬේ කරන්න බැහැ. ඔයා ඉල්ලන ඉල්ලන විදිහට දෙන්න මගේ ළ`ග සල්ලි නැහැ. මීට පස්සෙ මගෙන් සල්ලි ඉල්ලන්න එපා...’ හංසමාලි මේ බව මධුසංඛට කීවේ කළ යුතු වෙනත් යමක් නොමැති නිසාය. හංසමාලි මේ හැම දෙයක්ම කළේ මධුසංඛට තිබූ ආදරය, සෙනෙහස නිසාය. මධුසංඛ තමන්ට සැබැවින්ම ආදරය කරන අවංක තරුණයකු බව විශ්වාස කළ නිසාය.
එහෙත් මධුසංඛ කිසිම හිතක් පපුවක් නැති සැබෑ ආදරයක් නොහඳුනන කාලකණ්ණියකු බව හංසමාලි තේරුම් ගන්නා විට සියල්ල සිදුවී හමාරය. හංසමාලි මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මධුසංඛ යක්ෂයකු බවට පත්වන්නට පටන් ගත්තේය.
‘මම නරක මිනිහා කියලා කියන්න එපා. උඹ මට සල්ලි ගෙනල්ලා දුන්නෙ නැත්නම් උඹට පාරේ බැහැලා යන්න බැරි වෙන්න මම වැඩ කරනවා...’
මධුසංඛ අහිංසක හංසමාලිට තර්ජනය කරන්නට වුණේය.
‘උඹත් එක්ක ගත්ත හැම පින්තූරයක්ම මගේ ළ`ග තියෙනවා. ඒවා මම ඉන්ටනෙට් එකට දැම්මොත් උඹේ අනාගතේම ඉවරයි. ඒ නිසා මට සල්ලි ගෙනල්ලා දීපං...’
මධුසංඛ නමැති නරුමයා අහිංසක හංසමාලිට තර්ජනය කළේය. හංසමාලිට හිසේ සිට දෙපතුළ දක්වා විදුලිසර වදින්නාක් බඳු වේදනාවක් දැනෙන්නට විය. වසර ගණනක් තිස්සේ තමන් දැඩි ලෙස ආදරය කළ තම දුකේදීත් සැපේදීත් එකට සිටිනු ඇතැයි විශ්වාස කළ සමීපතම සගයා මේ ආකාරයට තමා විනාශ කිරීමට පෙළඹෙනු ඇතැයි හංසමාලි සිහිනයකින් හෝ නොසිතුවාය. ‘මධුසංඛ ඔයා මොනවද කරන්න හදන්නේ. මේ වෙනකල් මම ඔයාට කොච්චර සල්ලි දීලා ඇද්ද, ඇයි මාව අමාරුවෙ දාන්න හදන්නෙ. ඔයා හොඳටම දන්නව මම සල්ලි ගන්නෙ ගෙදරට හොරෙන් කියලා.’
හංසමාලි හඬා වැළපුනාය.
‘ඒවා මට අදාළ නැහැ. උඹ මට සල්ලි නොදුන්නොත් ඉතුරු හරිය මම බලාගන්නම්’
naked3මධුසංඛ අහිංසක හංසමාලිට තර්ජනය කරන්න පටන් ගත්තේය. හංසමාලි දස අතේ කල්පනා කරන්න වූවාය. තමන් පත්ව ඇති අසරණ තත්ත්වය ගැන කීමට කෙනෙක් නැත. මධුසංඛගේ ඉල්ලීම ඉටුකර දෙනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැති බව ඇය තේරුම් ගෙන සිටියාය.
තම සොහොයුරිය සුනේත්‍රා සතුව ඇති ඒ.ටී.එම්. බැංකු කාඞ් පත හංසමාලිගේ සිහියට එන්නේ ඒ අතරතුරදීය. සොහොයුරිය බැංකුවට යන අවස්ථාවලදී හංසමාලිද ඇය සමග යෑමට පුරුදුව සිටියාය. ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගන්නා විට සුනේත්‍රා රහස්‍ය අංකය පාවිච්චි කරන ආකාරය හංසමාලි දැක තිබුණාය. සොහොයුරියගේ ඒ.ටී.එම්. කාඞ්පතේ රහස්‍ය අංකය හංසමාලිගේ මතකයේ සටහන්ව තිබිණි.
වෙන කළ යුතු යමක් නොමැති නිසා හංසමාලි තම සොහොයුරියගේ ඒ.ටී.එම්. කාඞ්පත හොර රහසේම මධුසංඛට ගෙනැවිත් දීමට කටයුතු කළාය. ‘ඔයා සල්ලි අරගෙන මට බැංකු කාඞ්එක ආපහු ගෙනල්ලා දෙන්න. මේක අක්කට හොරෙන් අරගෙන ආවේ.
හංසමාලි තම නරුම පෙම්වතාට කීවාය. තවදුරටත් මේ පාපතරයාට පේ‍්‍රම කළ නොහැකි බව හංසමාලි තීරණය කරගෙන සිටියාය. එහෙත් මේ නරුමයාගෙන් ගැලවීමට වෙනත් මගක් නොමැති බවද අහිංසක හංසමාලිට වැටහී තිබිණි.
අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් මධුසංඛ හංසමාලි භීතියට පත්කර මාස 8 ක් තිස්සේ ඇගේ සොහොයුරියගේ ඒ.ටී.එම්. කාඞ්පත ගෙන්වා ගෙන ඒ හරහා මුදල් ලබාගෙන තිබුණේය. බැංකු කාඞ්පතෙන් නිතර මුදල් ගනුදෙනු කිරීම නොකළ නිසා එහි මුදල් අඩුවන බව සුනේත්‍රා දැන සිටියේ නැත.
2019 වර්ෂයේ දෙසැම්බර් අවසාන සතියේ සුනේත්‍රා අකුරැස්ස නගරයේ පිහිටි රජයේ බැංකුවක් වෙත යන්නේ තම බැංකු ගිණුමේ පොත අලූත්කරවා ගැනීමටය.
බැංකු පොත අලූත් කරද්දී සුනේත්‍රාට තරු විසිවුණේය. බැංකු ගිණුමේ තිබූ රුපියල් දහතුන් ලක්ෂයකට ආසන්න මුදලක් අස්ථානගතවී ඇති බව ඇයට පෙනී ගොස් තිබිණි. ඇය ඒ පිළිබඳව බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය.
‘මම ඒ.ටී.එම්. කාඞ් එකෙන් සල්ලි ගත්තෙ නැහැනෙ. කොහොමද මගේ එකවුන්ට් එකෙන් සල්ලි අඩුවුණේ. මේක වෙන්න බැරි වැඩක්.’ සුනේත්‍රා බැංකුව දෙවනත් කරන්න පටන් ගත්තාය. අන්තිමේදී ඇය මේ පිළිබඳව අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතා වෙත පැමිණිලි කළාය.
‘අනේ සර් මගේ මහත්තයයි මල්ලියි දුක් මහන්සිවෙලා එවන සල්ලි මේ එකවුන්ට් එකේ තියෙන්නෙ. මම කවදාවත් මේකෙන් සල්ලි ගත්තෙ නැහැ. මගේ ගෙදර පොඩි ගාමන්ට් එකක් තියෙනවා. ගෙදර වියදමට මම සල්ලි සොයාගත්තෙ ඒකෙන්. මේක කවදාවත් වෙන්න බැරි වැඩක්.’
සුනේත්‍රා හඬා වැළපෙමින් තම දුක කියන්න වූවාය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ්්රමලාල් සිල්වා මහතා මේ පිළිබඳව අදාළ බැංකුවේ නිලධාරීන්ගෙන් ද කරුණු විමසා සිටියේය. සුනේත්‍රාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇත්තේ ඒ.ටී.එම්. කාඞ්පතෙන් බව එහිදී හෙළිවිය.
‘තමුන්ගේ බැංකු කාඞ් එකෙන් තමයි මේ සල්ලි අරගෙන තියෙන්නේ. මේ කාඞ් එකට රහස් අංකයක් තියෙනවා. ඒක කවුරුත් දන්නෙ නැහැනෙ. ගෙදර අය ගැන සැකයක් තියනවද.’
පේ‍්‍රමලාල් සිල්වා මහතා සුනේත්‍රාගෙන් ප්‍රශ්න කළේය.
‘අනේ සර් ගෙදර අය ගැන මට කිසිම සැකයක් නැහැ. මට මගේ ගෙදර මිනිස්සු විශ්වාසයි.’ සුනේත්‍රා තම පවුලේ සාමාජිකයන් විශ්වාස බව පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියාය. පේ‍්‍රමලාල් සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රියංජන පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඔවුන්ට භාර කළේය.
මේ ක්‍රෙඩිට් කාඞ් එකෙන් ගනුදෙනු වෙලා තියෙන වේලාවල් සොයාගෙන අපි බැංකුවේ සී.සී.ටී.වී. කැමරා චෙක් කරලා බලමු. එතකොට අපිට පුළුවන් මේ සල්ලි ගත්තෙ කවුද කියලා
සොයාගන්න. ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නේය. අදාළ බැංකුවේ ප්‍රධානියා වෙත දුරකථන ඇමතුමක් දුන් පේ‍්‍රමලාල් සිල්වා මහතා බැංකුවේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලා සිටියේය.
පොලිස් කණ්ඩායමක් බැංකුව වෙත ගොස් විමර්ශන ආරම්භ කළහ. ඒ.ටී.එම්. කාඞ්පතෙන් සිව් වතාවක් මුදල් ලබාගෙන ඇති දිනයක් හඳුනාගත් පොලිස් නිලධාරීන් ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කළහ. එදින සුනේත්‍රාගේ බැංකු ගිණුමෙන් ඒ.ටී.එම්. යන්ත්‍රය හරහා මුදල් ලබාගන්නේ ලාබාල තරුණයකු බව පොලිසිය සොයා ගත්තේය. මේ තරුණයාගේ අනන්‍යතාව පැහැදිලි නැත. එහෙත් ඔහු ඒ.ටී.එම්. යන්ත්‍රය ඇති ස්ථානයට සිව් වතාවෙම පැමිණෙන යතුරුපැදියේ අංකය පොලිසිය වීඩියෝ දර්ශන හරහා සූක්ෂමව සොයා ගත්හ. පොලිස් නිලධාරීන් මේ සියලූ තොරතුරු පේ‍්‍රමලාල් සිල්වා මහතා වෙත ලබාදුන්හ.
‘අපි මේ බයික් එක කාගෙද කියලා චෙක් කරමු. එතකොට සල්ලි ගන්න එන කොල්ලා සොයා ගන්න පුළුවන්.’
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා යතුරුපැදිය හිමිකරුගේ ලිපිනය ලබාගත් අකුරැස්ස පොලිසියේ නිලධාරීන් එහි හිමිකරු සොයා ගියහ. යතුරුපැදිය ලියාපදිංචි කර තිබුණේ කරුණේ මුදලාලිගේ නමින්ය. පොලිස් නිලධාරීන් ඔහු කැඳවාගෙන ආවේය.
යතුරුපැදිය කරුණේ මුදලාලිගේ වුවද ඒ.ටී.එම්. යන්ත්‍රය වෙත එම යතුරුපැදියෙන් පැමිණෙන්නේ ලාබාල තරුණයකු බව පොලිසිය සොයාගෙන තිබුණේය. එසේ නම් මේ තරුණයා කවුරුන්ද? පොලිසිය ඒ පිළිබඳව කරුණේ මුදලාලිගෙන් ප්‍රශ්න කළහ.
‘සර් මේ බයික් එක මගේ වුණාට ඒක වැඩිපුරම පාවිච්චි කරන්නෙ මගේ පුතා මධුසංඛ...’
කරුණේ මුදලාලි තම පුත්‍රයා ගැන පොලිසියට කීවේය. කරුණේ මුදලාලිගේ පුත්‍රයාත් සුනේත්රාත් අතර ඇති සම්බන්ධය කුමක්ද?
සුනේත්‍රාට අයත් ඒ.ටී.එම්. කාඞ්පත මධුසංඛ අතට පත්වන්නේ කෙසේද? පොලිසිය මේ පිළිබඳව විමර්ශන පවත්වන්නට වූහ. සුනේත්‍රා ගෙන්වා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට පේ‍්‍රමලාල් සිල්වා මහතා කටයුතු කළේය. ‘සර්... ඔය කරුණේ මුදලාලිගේ බාල පුතා අපේ නංගිව රවට්ටගෙන එයා එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියා. අපි ඒ සම්බන්ධයට තදින් විරුද්ධයි. ඔය කොල්ලා මහ නරකාදියෙක්...’
සුනේත්‍රාගේ ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් තොරතුරු රැසක් හෙළිවුණේය. ඒ අනුව සුනේත්‍රාගේ සොහොයුරිය හංසමාලි පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමට පේ‍්‍රමලාල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ.
‘මධුසංඛට සල්ලි වගයක් ඕනෙ වෙලා මම ගෙදරින් අරන් දුන්නා. ඒත් ඔය බැංකු කාඞ් එකක් ගැන මම දන්නේ නැහැ.’ හංසමාලි ඒ මොහොතේත් තම පේ‍්‍රමවන්තයා බේරා ගැනීමට උත්සාහ ගත්තාය. එහෙත් හංසමාලි සත්‍ය වසන් කරන බව තේරුම් ගන්නට ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතාට ඒතරම් අපහසු වුණේ නැත. අවසානයේ සත්‍ය හෙළිකිරීමට අහිංසක හංසමාලි ඉදිරිපත් වූවාය.
‘අනේ සර් එයා මට දිගින් දිගටම තර්ජනය කළා මගේ ෆොටෝ ඉන්ටනෙට් එකට දානවා කියලා බය කරලා සල්ලි ඉල්ලූවා. සල්ලි දෙන්න ක්‍රමයක් නැති නිසා තමයි මම ක්‍රෙඩිට් කාඞ් එක එයාට දුන්නෙ.’
හංසමාලි මාස අටක් තිස්සේ සිදුවූ සියල්ල හෙළිකරන්නට වූවාය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඒ මොහොතේම මධුසංඛ අත්අඩංගුවට ගත්හ.
තම පුත්‍රයා අත්අඩංගුවට පත්වීම කරුණේ මුදලාලිට මහා වේදනාකාරී එකක් විය. තම පුත්‍රයා කෙසේ හෝ බේරා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා කරුණේ මුදලාලි උපායක් යෙදෙව්වේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතා අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති ලෙස වැඩ භාර ගත්තේ මීට මාස 06 කට උඩදීය. පේ‍්‍රමලාල් සිල්වා මහතා මොන ආකාරයේ නිලධාරියෙකු දැයි කරුණේ මුදලාලි දැන සිටියේ නැත. මොනර කොළ ඉදිරියේ ඕනෑම නිලධාරියකු දෙකට නැවෙනු ඇතැයි සිතූ කරුණේ මුදලාලි පේ‍්‍රමලාල් සිල්වා මහතා මුදලට නම්මවා ගැනීමට සැලසුමක් සකස් කළේය. පේ‍්‍රමලාල් සිල්වා මහතා හම්බේගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි කාලයේ මුළු රටේම ප්‍රසිද්ධ වූ චරිතයක් බවට පත්වූ බව කරුණේ මුදලාලි දැන සිටියේ නැත.
හම්බේගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි කාලයේ ‘පේ‍්‍රමලාල් සිල්වා මහතාට අල්ලස් දීමට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ එම වැටලීමට පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිස් සිරමැදිරියේ තැබීම පේ‍්‍රමලාල් සිල්වා මහතා කටයුතු කර තිබුණේය.
අල්ලසට දූෂණයට තදින්ම කටයුතු කරන එවැනි නිලධාරියකු අකුරැස්ස පොලිසියට පැමිණ සිටින බව කරුණේ මුදලාලි දැන සිටියේ නැත. ඔහු පේ‍්‍රමලාල් සිල්වා මහතාට රුපියල් හය ලක්ෂයක මුදලක් ලබාදී තම පුත්‍රයා බේරා ගැනීමට සැලසුම් කරන්නේ ඒ නිසාය.
කරුණේ මුදලාලි ගෙන ආ යෝජනාව අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රියංජන පෙරේරා මහතා ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
‘ඔය මිනිහා දන්නෙ නැහැ මම කවුද කියලා. මිනිහට සල්ලි ගේන්න කියන්නකො, මම ඉතුරු හරිය බලාගන්නම්.’
පේ‍්‍රමලාල් සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කීවේය. පේ‍්‍රමලාල් සිල්වා මහතා ඒ මොහොතේම මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. මධුසංඛගේ අපරාධය පිළිබඳ සියලූ විමර්ශන වාර්තාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලබාදීමට අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
‘සර් මේ කොල්ලව බේරා ගන්න එයාගෙ තාත්තා මට රුපියල් ලක්ෂ හයක් දෙන්න ලෑස්ති වෙනවා. මම කිව්වා සල්ලි ගේන්න කියලා. සල්ලි ගෙනාව ගමන් මම මිනිහවත් ඇරස්ට් කරනවා අල්ලස් ලබාදීමේ වරදට.. මම සර්ව දැනුවත් කරන්න මේක කිව්වේ...’ පේ‍්‍රමලාල් සිල්වා මහතා තම ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැනුවත් කළේය. මේ පිළිබඳව අල්ලස් කොමිසමේ පොලිස් අධිකාරිවරයාද දැනුවත් කරන ලෙස අනිල් ප්‍රියන්ත මහතා පේ‍්‍රමලාල් සිල්වා මහතාට උපදෙස් දුන්නේය.
ඒ වන විට කරුණේ මුදලාලි අදාළ අල්ලස් මුදල අකුරැස්ස පොලිසිය වෙත ගෙනැවිත් තිබුණේය. රුපියල් ලක්ෂ හයෙන් ලක්ෂ පහමාරක මුදලක් ඒ වන විට බෑගයක දමාගෙන කරුණේ මුදලාලි එය පොලිස් ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතා වෙත ලබාදීමට සූදානමින් සිටියේය. ‘සර් මේ සල්ලිටික අරගෙන කොල්ලව ගොඩින් බේරලා දාන්න. ඉස්සර සිටිය මහත්වරුත් මට මේ වගේ උදව් කරලා තියෙනවා.’
කරුණේ මුදලාලි පේ‍්‍රමලාල් සිල්වා මහතාට කීවේය.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා කරුණේ මුදලාලි අත්අඩංගුවට ගත්තේය. අල්ලස් ලබාදීමට තැත් කිරීමේ චෝදනාව කරුණේ මුදලාලි වෙත එල්ල වී තිබුණේය.
සියලූ පොලිස් නිලධාරීන් මොනර කොළවලට දණගැස්සවිය හැකි බව සිතූ කරුණේ මුදලාලි එදින අමාරුවේ වැටුණේය.
බයිට් පැකට්ටුවේ, අරක්කු බෝතලයේ සිට ඕනෑම දෙයක් අල්ලස් ලෙස ලබා ගන්නා බහුතර නිලධාරීන් රැසක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි නිලධාරීන් සිටිනවා දැයි සිතිය හැකිද?
එහෙත් මුදලට වරදාන වරප්‍රසාදවලට යට නොවී තම රාජකාරිය අකුරටම ඉටුකරන පේ‍්‍රමලාල් සිල්වා වැනි නිලධාරීන්ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවමත් සිටීම මහත් ආඩම්බරයකි.
සැබැවින්ම මෙවැනි නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට පාත්රවිය යුතුය. සෙසු නිලධාරීන්ට ද පේ‍්‍රමලාල් සිල්වා වැනි දක්ෂ අවංක අපක්ෂපාතී නිලධාරීන් ආදර්ශයකි.
අහිංසක හංසමාලිට තර්ජනය කර ඇගේ ආදරය උකසට තබා රුපියල් ලක්ෂ ගණනක මුදල් ගසා කෑ මධුසංඛත් ඒ නරුමයා පොලිසියෙන් බේරා ගැනීමට අල්ලස් දීමට උත්සාහ කළ පියාත් අත්අඩංගුවට ගෙන එකම සිරමැදිරියක තැබීමට අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතා කටයුතු කළේය.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත, සහකාර පොලිස් අධිකාරී කමල් කිරිඇල්ල මහත්වරුන්ගේ උපදෙස් මත පේ‍්‍රමලාල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රියංජන පෙරේරා, ලලිත් නූපෙහේවා, සැරයන් (56044) පතිරණ (24187) ජිනදාස ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
Share This Article