ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ගැන, වෘත්තීය සමිති පරීක්ෂණයක් ඉල්ලයි
Saturday, 11 January 2020 - 14:39 | Views - 714

පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට වෘත්තීය සමිති ඉල්ලීමක් කරනවා.
රුපියල් කෝටි 120ක මුදලක් වැය කරමින් දුම්රිය එන්ජින් 10ක් ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතව තිබුණත් මේ වන විට මෙරටට ගෙන්වා ඇත්තේ එන්ජින් 8ක් පමණයි.
එලෙස ගෙන්වූ එන්ජින් වලින් ධාවනයට එක් කර ඇත්තේ 3ක් පමණක් වන අතර ඉන් දෙකක් පසුගියදා පීලි පැනීමකට ද ලක්වුණා.
දෙමටගොඩ සහ මරදාන අතර ඉන්දියාවෙන් ගෙන්වන ලද එක් දුම්රිය එන්ජිමක් පීලි පැනීමකට ලක්වූයේ පසුගිය මස 19 වන දා වන අතර එමගින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවුණා.
අනෙක් පීලි පැනීම සිදුව ඇත්තේ ගල්ගමුව ප්රදේශයේදීයි.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් මනුර පීරිස් කියා සිටියේ මෙලෙස ගෙන්වා ඇති එන්ජින් මෙරට දුම්රිය මාර්ගවලට ඔරොත්තු නොදෙන බරින් වැඩි ඒවා බවයි.
නිසි ක්රමවේදයකින් තොරව ගෙන්වා ඇති මෙම එන්ජින් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ඉන්දියාවෙන් ආනයනය කළ එන්ජින් 8 මේ වනවිට මරදාන දුම්රිය අංගනයේ ගාල් කර ඇති අතර, එම එන්ජින් ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් මනුර පීරිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.
Share This Article