අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලංකික සිසුවියන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට
Saturday, 11 January 2020 - 14:21 | Views - 3,855
අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හට ගත් ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය මේ වන විට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

ලබන බදාදා පමණ වන විට දේහයන් මෙරටට රැගෙන ආ හැකි බවයි එම අමාත්‍යාංශය පවුලේ ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ.

ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ අවුරුදුු 21 සහ 23ක් වයස්වල පසුවන දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර ඔවුන් අසර්බයිජාන් වෙත පිටත්ව ගොස් ඇත්තේ 2019 වසරේ ජුලි මස 16 වන දායි.

ඒ, එරට බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණකරණ පාඨමාලාවක් හැදැරීම සඳහායි.

ඔවුන්ගේ හදිසි වියෝව දැන ගැනීමෙන් පසු එම ශිෂ්‍යාවන්ගේ පිළියන්දල - බෝකුන්දර නිවසේ සිටි නැන්දණිය ද හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්න බකු අගනුවර බෙයිල් ජනාවාසයෙහි මහල් නිවාසයක පෙරේදා හට ගත් ගින්නකින් ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තුන් දෙනා අතර සිටින 25 හැවිරිදි සිසුවිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යාංශය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top