කැකිරාවේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට
Saturday, 11 January 2020 - 10:30 | Views - 755
කැකිරාව - පරණ වැව ප්රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්රී 10ට පමණ මෙම වන අලි පහරදීම සිදුව ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව - මරදන්කඩවල - කොලන්කුට්ටිගම ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
Share This Article