නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු හලාවත දී අත්අඩංගුවට
Saturday, 11 January 2020 - 9:14 | Views - 382
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටූන් 229ක් සමඟ සැකකරුවෙකු හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ හලාවත - සිංහපුර ප්‍රදේශයේදී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ පරීක්ෂා කළ අවස්ථාවේදී මේවා හමුවී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article