අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබු ටී - 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Saturday, 11 January 2020 - 9:10 | Views - 1,217
වාලච්චේන කුරින්දීනගර් ප්රදේශයේදී අලෙවි කිරීම සදහා රැගෙන යමින් තිබු ටී - 56 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ලඟ තිබි ගිනි අවියට අමතරව ජීව උණ්ඩ 27 ක් සහ ජීව උණ්ඩ බහලනයක්ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරු සහ අත්අඩංගුවට ගත් ගිනි අවිය ඇතුළු භාණ්ඩ වාලච්චේන පොලිසියට භාරදී තිබෙනවා.
වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article