අසර්බයිජානයේදී ගින්නකින් මිය ගිය ශ්‍රී ලාංකීය සිසුවියන් 3 ගැන එරට විදේශ අමාත්‍යාංශය පරීක්ෂණයක්
Saturday, 11 January 2020 - 7:55 | Views - 1,382
ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්නව පිහිටි අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හට ගත් ගින්නකින් ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට බකු අගනුවර බෙයිල් ජනාවාසයෙහි මහල් නිවාසයක මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ දිනයේයි.
එහිදී එම මහල් නිවාසයේ සිටි මෙම සිසුවියන් තුන් දෙනා ගින්නෙන් පිට වූ දුම ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කළේ.
ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තුන් දෙනා අවුරුදු 21, 23 සහ 25 වයසේ පසුවන අතර ඔවුන් එරට බටහිර කැස්බියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article