නව සූනන් විශේෂ 3 ක් මෙරටින් හමුවෙයි
Saturday, 11 January 2020 - 7:44 | Views - 709
ශ්‍රී ලංකාවට අවේණික නව හූනන් විශේෂ 3 ක් සොයා ගෙන තිබෙනවා.

උරග විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන සුරංජන් කරුණාරත්න කියා සිටියේ මෙම හූනන් විශේෂ තුන පොළොන්නරුව ඇතුළු හුදකලා කඳු  ප්‍රදේශ කිහිපයකින් සොයා ගත් බවයි.

මෙම නව සොයා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන හූනන් විශේෂ සංඛ්‍යාව 58 ක් වන අතර, ඉන් විශේෂ 48 ක් මෙරටට ආවේණික විශේෂ වනවා.

මීට මාස කිහිපයකට පෙර සොයා ගන්නා ලද හූනන් විශේෂ කිහිපයක් සඳහා මෙරට ජාතික වීරයන්ගේ නම් ලබාදීමත් සමඟ එල්ල වූ විවේචන හේතුවෙන් මෙවර සොයා ගත් නව හූනන් විශේෂ සඳහා එලෙස ජාතික වීරයන්ගේ නම් භාවිත නොකිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම ගවේෂණවල නිරත වූ උරග විශේෂ පිළිබඳ  මහාචාර්ය සුරංජන් කරුණාරත්නගේ මවට සහ පියාට මෙන්ම, පරිසර විද්‍යාව පිලිබඳ මහාචාර්ය සරත් කොටගමට ගෞරව පිණිස ඔවුන්ගේ නම් වලින් මෙම හූනන් නම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හූනන් විශේෂ නිවෙස්වල දක්නට ලැබෙන සාමාන්‍ය හූනන්ට වඩා කුඩා වන අතර ඔවුන් හැසිරීම පිළිබඳ සලකා බලා ඔවුන් දිවාසැරි හූනන් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top