''කාන්තාව තම සිරුරට භූමිතෙල් හලාගෙන සැමියා ගිනිකූර දල්වලා''
Friday, 10 January 2020 - 21:55 | Views - 518
තම ස්වාමිපුරුෂයා විසින් සිරුරට ගිනි තැබීම නිසා 30 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි’
මෙසේ තුවාල ලබා ඇත්තේ කබලවැව උදාකළගම පදිංචි කාන්තාවකි’
ඉකුත් 25 දා රාත්රී 10’00 ට පමණ මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසයි’ සැමියා හා බිරිඳ අතර ඇතිවූ දබරයකින් පසු කාන්තාව තම සිරුරට භූමිතෙල් හලාගෙන ඇති අතර සැමියා විසින් ගිනිකූරක් දල්වා ඇති බවද පොලිසිය කියයි’
මින්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්’ එම්’ සී’ රත්නායක” උපපොලිස් පරීක්ෂක සුමතිරත්න” කොස්තාපල් වනසිංහ (50858) කොස්තාපල් පුෂ්පකුමාර (61568) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදුකරති’
මින්නේරිය - සුජිත් කරුණාතිලක
Share This Article