පෞද්ගලික ඉන්ධන බවුසර්වලින් - අල්ලස් ගන්නා තෙල් සංස්ථා නිළධාරින් ගැන විමර්ශන
Friday, 10 January 2020 - 20:48 | Views - 455
සිලෝන් පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහන අංශයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.
මෙම නිලධාරීන් දෙදෙනා පෞද්ගලික ඉන්ධන බවුසර්වලට ගමන් වාර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබා ගන්නා බවට අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබුණේ ආයතනයේ සේවකයින් පිරිසක් විසින්.
එමෙන්ම, තමන්ට අවශ්‍ය වේලාවට ඉන්ධන බෙදා හැරීමේ කාර්යාලය වසා දමා සේවා අඩාල කරන අතර, රාජකාරී වේලාවේදී මත්පැන් පානය කරන බවට ද පැමිණිලි ලැබී තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.
Share This Article