‘‘හිරු ජාතික ගොවි සංග්‍රාමය’’ අතිශය වැදගත් කාලීන පියවරක් - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්
Friday, 10 January 2020 - 20:47 | Views - 391
මෙරට පුරන්ව ඇති සියලු කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ උදාතර අරමුණින් ආරම්භ කළ ‘‘හිරු ජාතික ගොවි සංග්‍රාමය’’ වැඩසටහන අතිශය වැදගත් කාලීන පියවරක් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
හිරු ජාතික ගොවි සංග්‍රාමය ඊයේ ආරම්භ කෙරුණේ ගාල්ල - තවලම - බඩඅමුණ යායෙන්.
මෙරට පුරන්ව ඇති සියලූ කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ උදාරතර අරමුණ ඇතිව හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හෙලේ රන්කෙත් උදානය වැඩසටහන දියත් වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයකට අනුවයි.
එය ඊයේ පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරුණෘ. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආරම්භ කෙරුණු හිරු ජාතික ගොවි සංග්‍රාමය ගමේ තාරුණ්‍ය පෙරටු කර ගනිමින් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.
Share This Article