ජනාධිපතිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ගන්න පූර්ණ සහය දෙනවා - හිටපු ජනපති
Friday, 10 January 2020 - 20:34 | Views - 2,072
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කළුතර අද පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ කැපවීම තිබුණා. අපි පක්ෂයක් විදිහට තීන්දුව ගත්තේ එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා විය යුතුයි, තිබුණු ආණ්ඩුව වෙනස් විය යුතුයි කියලා. විශේෂයෙන්ම රටට අලුත් ගමනක් යාමේ අවශ්‍යතාවය නිසයි. ඒ නිසයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේ බලය ලබාදෙන්න තුනෙන් දෙකක, පක්ෂයක් විදිහට අපි ඒ සන්ධාන ගතවන පුළුල් දේශපාලන අරමුණ තුළ යහපත් රටක් ගොඩනැගීමේ පවිත්‍ර චේතනාවෙන්.
Share This Article