කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්
Friday, 10 January 2020 - 19:29 | Views - 577
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව කිසිදු අවස්ථාවකදී කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය හෝ ඔහුගේ වයස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. 2014 වසරේ ජනවාරි 8 වැනිදා උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග්හිදී පැවැති ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරගයකදී ‘චිකාගෝ බුල්ස්’ කණ්ඩායමේ සුපිරි තරුවක් වූ ඩෙනිස් රොඞ්මන් උතුරු කොරියානු නායකයාට උපන් දින සුබ පැතුම් එක් කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති ප්‍රකාශ කළේ දකුණු කොරියාවය.
ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය සතු ලේඛනයට අනුව කිම් ජොන්ග් උන් උපත ලබා ඇත්තේ 1984 වසරේ ජනවාරි 8 වැනිදාය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 36කි. කෙසේ නමුත් ඔහුගේ වයස ඊට අවුරුද්දක් හෝ වැඩි හෝ බව පැවසේ.
දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක උපදේශක චන්ග් ඉයු යොන්ග් වොෂින්ටන් නුවරදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුණගැසී තිබේ. එදින උතුරු කොරියානු නායකයාගේ උපන්දිනය යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

“ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනයට සුබ පැතුම් එක් කළා. ඒ බව ඔහුට දැනුම් දෙන්නැයි ජනාධිපති මූන්ට කීවා” යැයි චන්ග් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. හෙතෙම ඒ බව සඳහන් කළේ සෝල් අගනුවරදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top