නවක වදය නිසා වසරකට 2,000ක් සරසවි යන්නේ නැහැ
Friday, 10 January 2020 - 19:25 | Views - 416
නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (9) පැවැසීය.

එය ඉතා නරක තත්ත්වයක් බව කී ජනාධිපතිවරයා එවැනි ක‍්‍රියාවලට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි යැයිද කීය.

අරලියගහ මන්දිරයේෙ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
 
දියුණු රටවල තරුණ තරුණියන් වයස අවුරුදු 20 වනවිට උපාධිය ලබාගෙන රැකියා සඳහා යොමුවන බව කී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගය සමත්වන සිසුන්ට සරසවියට ඇතුළත්වීමට වසර ගණනාවක් බලාසිටීමට සිදුවන බවද සඳහන් කළේය.
 
එසේ සරසවි පිවිසෙන සිසුන්ට යම් යම් හේතු නිසා උපාධිය ලබාගැනීමට තවත් වසර ගණනාවක් සරසවියේ ගතකිරීමට සිදුවන බවද හෙතෙම පැවැසීය.
 
එම ක‍්‍රමය වෙනස්කිරීමට කාලය එළඹ තිබෙන බව කී ජනාධිපතිවරයා එම වෙනස්කම් කිරීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top