
රටේ දිස්ති‍්‍රක්ක කිහිපයක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
වැසි සහිත කාලයේ දෛනික විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 38 ක් පමණ වූ බවත්, වියළි කාලගුණය පවතින මේ දිනවල විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය 44 දක්වා ඉහළ ගොස් තිබෙන බවද, ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ජනවාරි මාසය ආරම්භ වන විට ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම සියයට 90% පමණ තිබුණි. පවතින වියළි කාලගුණය සමග ජලාශවල ජල මට්ටම සියයට 86% දක්වා පහළ බැස තිබේ. ජාතික විදුලි සැපයුම සඳහා ජල විදුලි බලාගාරවලින් සියයට 35%ක දායකත්වයක් ද, තාප බලාගාරවලින් 65%ක දායකත්වයක් ලබාගෙන ජාතික විදුලි අවශ්‍යතාව සපුරන බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
බද්දේගම - ඕ. කමලනාථ
87 Views
106 Views
270 Views
172 Views
147 Views
159 Views
148 Views
121 Views
186 Views
138 Views
149 Views
220 Views
256 Views
708 Views
45 Views