වියළි කාලගුණය නිසා විදුලි ඉල්ලුම ඉහළට
Friday, 10 January 2020 - 19:20 | Views - 445

රටේ දිස්ති‍්‍රක්ක කිහිපයක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. 

වැසි සහිත කාලයේ දෛනික විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 38 ක් පමණ වූ බවත්, වියළි කාලගුණය පවතින මේ දිනවල විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය 44 දක්වා ඉහළ ගොස් තිබෙන බවද, ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. 

ජනවාරි මාසය ආරම්භ වන විට ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම සියයට 90% පමණ තිබුණි. පවතින වියළි කාලගුණය සමග ජලාශවල ජල මට්ටම සියයට 86% දක්වා පහළ බැස තිබේ. ජාතික විදුලි සැපයුම සඳහා ජල විදුලි බලාගාරවලින් සියයට 35%ක දායකත්වයක් ද, තාප බලාගාරවලින් 65%ක දායකත්වයක් ලබාගෙන ජාතික විදුලි අවශ්‍යතාව සපුරන බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.    

 

බද්දේගම -  ඕ. කමලනාථ 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top