
ස්ත්‍රීන් තම පියයුරු ආවරණය කරගත යුතු බවට කෙරෙන බලකිරීම තවදුරටත් නොඉවසන බව පවසන ඇමෙරිකානු කාන්තාවන් පිරිසක් නග්නත්වය පිළිබඳ නීතිය සහ සමාජ ආකල්පය අභියෝගයට ලක් කිරීමට නොබියව ඉදිරිපත්ව සිටිති.
මෙවැනි අභියෝගයක් දියත් කිරීමට පිටදුන් එක් නිදර්ශනයක් ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ, තම සහකරුගේ ගෘහෝද්යානයේ Frisbee ක්‍රීඩාවේ යෙදෙමින් 20 හැවිරිදි Effie Krokos නමැති තරුණියක උඩුකය නිරුවත්ව සිටීම අවිනීත ලෙස සලකා කොලරාඩෝ උසාවියක් විසින් මෑතකදී ඇයට දඩයක් නියම කිරීමයි. එවැනි යල් පිනූ නීති මේ වනවිට වෙනස් වී ඇතැයි තමා සිතූ බව ඇය නිදහසට කරුණක් වශයෙන් පවසා ඇත. ග්‍රීෂ්ම ඍතුවේ දිනයක සිය සහකරු සමඟ ෆ්‍රිස්බී ක්‍රීඩාවේ යෙදී සිටි බවත්, දහදිය නිසා ඔහු උඩුකය ඇඳුම ඉවත් කළ හෙයින් තමාද ඔහු අනුගමනය කළ බවත් ඇය පෙන්වා දුනි. නමුත් පැය කිහිපයකට පසු ඇය සොයා පැමිණි පොලිස් නිලධාරියකු ඇයට විරුද්ධව අසල්වැසියකු වෙතින් පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා තිබේ. ඇගේ අවිනීත හැසිරීම නිසා ළමයින් නරක් වන බව එම පැමිණිල්ලේ සඳහන් වී ඇත. ස්ත්‍රිය සහ පුරුෂයා සමාන ලෙස ව්‍යවස්ථානුකූලව සලකනු ලබන්නේ නම් තමාට පමණක් උඩුකය නිරුවතින් සිටිය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කරයි. කාන්තා උඩුකය නග්නත්වය පමණක් අවිනීත වන්නේ කෙසේදැයි ඇය විමසා සිටී. “වර්තමානයේ සෑම මවක්ම තම දරුවන්ට මවුකිරි දෙන බව මම සිතමි. ළදරුවන් කිරි බොන්නේ උඩුකය නිරුවත් කාන්තාවකගෙන් නොවේද? ඉතින් එය පිළිකුල් සහගත වන්නේ කෙසේද?”
පියයුරු නිදහස වෙනුවෙන් කටයුතු කරන ලෝක ව්‍යාප්ත ජනතා ව්‍යාපාරයක ක්‍රියාකාරිනියන් දෙදෙනකු වන බි‍්‍රට් හෝග්ලන්ඩ් සහ සමන්තා සික්ස්, කාන්තාවන්ට ද පුරුෂයන් මෙන් උඩුකය නග්නව සිටීමේ සමානාත්මතා නිදහස ඉල්ලා කොලරාඩෝ ප්‍රාන්තයේ ෆෝට් කොලින්ස් නගර බලධාරීන් නීතිය ඉදිරියට කැඳවා තිබේ. ෆෝට් කොලින්ස් නගරයේ බලපැවැත්වෙන නීතියට අනුව (ළදරුවකුට කිරි දීමේදී හැර) ‘වයස 10න් ඉහළ යුවතියන් ප්‍රසිද්ධ ස්ථානවල දැනුවත්ව උඩුකය නිරාවරණය වන අයුරින් සිටීම’ වරදක් ලෙස සැලකේ. පෞද්ගලික ස්ථානයකදී වුවත්, බිම් මට්ටමේ සිටින්නකුට එසේ පෙනෙන අයුරින් සිටීම ද එම නීතියට යටත්ය. මේ සඳහා එම නගරය තෝරාගැනීමට හේතුව එය යැයි බි‍්‍රට් හෝග්ලන්ඩ් පවසයි.

87 Views
106 Views
270 Views
172 Views
147 Views
159 Views
148 Views
121 Views
186 Views
138 Views
149 Views
220 Views
256 Views
708 Views
45 Views