‘පියයුරු නිදහස’ ඉල්ලා කාන්තාවන් පාරට බසියි
Friday, 10 January 2020 - 19:19 | Views - 2,106

ස්ත්‍රීන් තම පියයුරු ආවරණය කරගත යුතු බවට කෙරෙන බලකිරීම තවදුරටත් නොඉවසන බව පවසන ඇමෙරිකානු කාන්තාවන් පිරිසක් නග්නත්වය පිළිබඳ නීතිය සහ සමාජ ආකල්පය අභියෝගයට ලක් කිරීමට නොබියව ඉදිරිපත්ව සිටිති.

මෙවැනි අභියෝගයක් දියත් කිරීමට පිටදුන් එක් නිදර්ශනයක් ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ, තම සහකරුගේ ගෘහෝද්‍යානයේ Frisbee ක්‍රීඩාවේ යෙදෙමින් 20 හැවිරිදි Effie Krokos නමැති තරුණියක උඩුකය නිරුවත්ව සිටීම අවිනීත ලෙස සලකා කොලරාඩෝ උසාවියක් විසින් මෑතකදී ඇයට දඩයක් නියම කිරීමයි. එවැනි යල් පිනූ නීති මේ වනවිට වෙනස් වී ඇතැයි තමා සිතූ බව ඇය නිදහසට කරුණක් වශයෙන් පවසා ඇත. ග්‍රීෂ්ම ඍතුවේ දිනයක සිය සහකරු සමඟ ෆ්‍රිස්බී ක්‍රීඩාවේ යෙදී සිටි බවත්, දහදිය නිසා ඔහු උඩුකය ඇඳුම ඉවත් කළ හෙයින් තමාද ඔහු අනුගමනය කළ බවත් ඇය පෙන්වා දුනි. නමුත් පැය කිහිපයකට පසු ඇය සොයා පැමිණි පොලිස් නිලධාරියකු ඇයට විරුද්ධව අසල්වැසියකු වෙතින් පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා තිබේ. ඇගේ අවිනීත හැසිරීම නිසා ළමයින් නරක් වන බව එම පැමිණිල්ලේ සඳහන් වී ඇත. ස්ත්‍රිය සහ පුරුෂයා සමාන ලෙස ව්‍යවස්ථානුකූලව සලකනු ලබන්නේ නම් තමාට පමණක් උඩුකය නිරුවතින් සිටිය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කරයි. කාන්තා උඩුකය නග්නත්වය පමණක් අවිනීත වන්නේ කෙසේදැයි ඇය විමසා සිටී. “වර්තමානයේ සෑම මවක්ම තම දරුවන්ට මවුකිරි දෙන බව මම සිතමි. ළදරුවන් කිරි බොන්නේ උඩුකය නිරුවත් කාන්තාවකගෙන් නොවේද? ඉතින් එය පිළිකුල් සහගත වන්නේ කෙසේද?”

පියයුරු නිදහස වෙනුවෙන් කටයුතු කරන ලෝක ව්‍යාප්ත ජනතා ව්‍යාපාරයක ක්‍රියාකාරිනියන් දෙදෙනකු වන බි්‍රට් හෝග්ලන්ඩ් සහ සමන්තා සික්ස්, කාන්තාවන්ට ද පුරුෂයන් මෙන් උඩුකය නග්නව සිටීමේ සමානාත්මතා නිදහස ඉල්ලා කොලරාඩෝ ප්‍රාන්තයේ ෆෝට් කොලින්ස් නගර බලධාරීන් නීතිය ඉදිරියට කැඳවා තිබේ. ෆෝට් කොලින්ස් නගරයේ බලපැවැත්වෙන නීතියට අනුව (ළදරුවකුට කිරි දීමේදී හැර) ‘වයස 10න් ඉහළ යුවතියන් ප්‍රසිද්ධ ස්ථානවල දැනුවත්ව උඩුකය නිරාවරණය වන අයුරින් සිටීම’ වරදක් ලෙස සැලකේ. පෞද්ගලික ස්ථානයකදී වුවත්, බිම් මට්ටමේ සිටින්නකුට එසේ පෙනෙන අයුරින් සිටීම ද එම නීතියට යටත්ය. මේ සඳහා එම නගරය තෝරාගැනීමට හේතුව එය යැයි බි්‍රට් හෝග්ලන්ඩ් පවසයි.

Topless women in 2017 protest

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top