ගුවනේ සිට වෙඩි ප්‍රහාර එල්ල කර ඔටුවන් ඝාතනය කිරීමේ විශේෂ මෙහෙයුම යටතේ මේ වනවිට ඕස්ට්‍රේලියාව ඔටුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා.
මේ දිනවල පවතින අධික උණුසුමත් සමඟ ජලය සොයා ඔටුවන් නගරයට සංක්‍රමණය වීම නිසා ජන ජිවිතයට ගැටලු මතුවී ඇති බව පවසමිනුයි ඕස්ට්‍රේලියාව මෙම පියවර අනුගමනය කරන්නේ.
19 වන සියවසේදී ඔටුවන් ලක්ෂ 10 ක් පමණ ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙනවිත් ඇති අතර මෙම මෙහෙයුම යටතේ ඔටුවන් දස දහසක් පමණ ඝාතනය කිරීමට නියමිත බව වාර්තා වුණා.


