15 හැවිරිදි පාසල් සිසුවිය සමඟ පෙමක පැටලී ඇයව දූෂණය කළ බවුසර් රථ රියදුරා වැඩ වරද්දා ගනී
Friday, 10 January 2020 - 18:32 | Views - 454

දෙමාපිය අවසරයකින් තොරව නිවසින් පිටව ගිය බාලවයස්කාර දැරියක් සිය පෙම්වතා සමඟ පවුල්කමින් සිට මාස නමයකට පමණ පසුව සිය පෙම්වතා සමඟම දැරිය නිවසට පැමිණ තිබෙනවා. ඒ වනවිට ඇය මාස 04 ක ගැබිණියක්.
වින්දිත දැරියගේ මව මේ දෙදෙනාවම කැඳවාගෙන දන්කොටුව පොලිසියට පැමිණ ඇති අතර වින්දිත දැරියගේ වයස අවුරුදු 15 ක් බවයි පොලීසිය පැවසුවේ.
දන්කොටුව ඉහළ දුම්මලකොටුව ප්‍රදේශයේ පදිංචි වින්දිත දැරියගේ මව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් 2019.03.19 දින දැරිය නිවසින් පිටව ගොස් තිබූ බවත් ප්‍රේම සම්බන්ධයක් මත බවුසර් රථ රිය සහායකයකු සමඟ ඇය ගොස් ඇති බව සොයා බැලීමේදී දැනගත් බවත් කියා තිබෙනවා.
තමන් ඇය සිටින තැනක් ගැන තවදුරටත් සොයා බලමින් සිටියදී දුරකථනයෙන් දුව තමාට කතාකර ඇය හොඳින් සිටින බව පමණක් දැන්වූ බවද 2019.12.09 වන දින දුව ඔහුත් සමඟ තම නිවසට පැමිණි බවත් දුව මේ වනවිට මාස හතරක ගැබිනියක් බවත් කියා ඇති බවයි වාර්තා වන්නෙ.
වින්දිත දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේදී 2018 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩු සමයේ දිනක දංකොටුව නගරයේදී තමන්ට ඔහු හමුවූ බවද එම හමුවීමේදී ඇතිවූ හිතවත්කම මත ඔහු තමාගේ දුරකථන අංකය ලබාගත් බවද ඉන්පසුව දිගින් දිගට ඔහු සමඟ කතාකර පෙම්වතුන් බවට පත්වූ බවද කියා තිබෙනවා.
2019.03.19 දිනට යෙදුන පොහෝ දින උදේ 6.00 ට පමණ දන්කොටුව නගරයේදී තමා ඔහුව මුණගැසී කතා බස් කළ බවත් කතාබස් කර ඔහු යන්නට යද්දී තමාත් එන බව කී පසු ත්‍රිරෝද රථයකින් මැදිකැලේ පල්ලියට ගොස් ඉන්පසුව ත්‍රිරෝද රථයකින් ඔහුගේ නිවසට ගොස් නතරවූ බවද එහිදී ඔහුත් සමඟ තමා අඹුසැමියන් ලෙස ජීවත්වූ බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මාස හතරක ගැබිනියක වන වින්දිත තැනැත්තිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දැරිය සැකකරු සමඟ පලායන විට දන්කොටුව ප්‍රදේශයේ ජනප්‍රිය විදුහලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නෙ.
සිද්ධියට සම්බන්ධ සැකකරු වන දන්කොටුව තාමරකුලිය පදිංචි 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින
Share This Article