කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 12 ක ජල කප්පාදුවක්
Friday, 10 January 2020 - 15:28 | Views - 886
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මීට අමතරව, කොටුව සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජල සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ
Share This Article