මගීන්ගේ රන් භාණ්ඩ කොල්ල කන, කල්ලියක 3ක් අත්අඩංගුවට
Friday, 10 January 2020 - 13:15 | Views - 789
මගී සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙලි වී තිබෙනවා.
එම ජාවාරමට සම්බන්ධ කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
බලංගොඩ නගරයේදී මගී බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි මාලය කොල්ල කෑ බවට ඊයේ දිනයේදී බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙලි වූ තොරතුරු මත රන්මාල 04 ක්, අත් පළඳනා 02 ක්, මුදු 06 ක්, කරාබු ජෝඩු 02 ක් සහ පංචායුධ 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වැඩිදුර විමර්ශනවලදී හෙලි වී ඇත්තේ මොවුන් සංවිධානාත්මකව මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ ජාවාරමක කලක් තිස්සේ නිරතව සිට ඇති බවයි.
බදුල්ල, වව්නියාව, රත්නපුර, බලංගොඩ වැනි ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article