මගීන්ගේ රන් භාණ්ඩ කොල්ල කන, කල්ලියක 3ක් අත්අඩංගුවට
Friday, 10 January 2020 - 13:15 | Views - 790
මගී සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකන ජාවාරමක් පිළිබඳව  තොරතුරු හෙලි වී තිබෙනවා.

එම ජාවාරමට සම්බන්ධ කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

බලංගොඩ නගරයේදී මගී බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි මාලය කොල්ල කෑ බවට ඊයේ දිනයේදී බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙලි වූ තොරතුරු මත රන්මාල 04 ක්, අත් පළඳනා 02 ක්, මුදු 06 ක්, කරාබු ජෝඩු 02 ක් සහ පංචායුධ 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වැඩිදුර විමර්ශනවලදී හෙලි වී ඇත්තේ මොවුන් සංවිධානාත්මකව මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ ජාවාරමක කලක් තිස්සේ නිරතව සිට ඇති බවයි.

බදුල්ල, වව්නියාව, රත්නපුර, බලංගොඩ වැනි ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top