දේශපාලන බලපෑම්වලට ලක්වූ චූදිතයින්ගේ නඩු පිළිබද යළි විමර්ශනයක් අවශ්‍යයි
Friday, 10 January 2020 - 13:14 | Views - 361

පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත අගතියට පත් සියළු චූදිතයන්ගේ නඩු පිළිබඳ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් හරහා යළි විමර්ශනයක් සිදුකළ යුතු බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි සභාපති නීතිඥ මනෝජ් ගමගේ මේ බව කියා සිටියේ.
නීතිය, දේශපාලන අතකොලූවක් ලෙස යොදාගෙන දඬුවම් ලබාදී ඇති සියළු පුද්ගලයන්ට යළි සාධාරණයක් ඉටු විය යුතුය යන මතයේ තම නීතිඥවරුන් පසුවන බව ඔහු එහිදී අවධාරණය කළා.
එමෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත කර තිබියදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවට විවිධ පිරිස් ප්‍රකාශ සිදුකරන්නේ නීතිය පිළිබදව නොදැන බවයි නීතිඥ මනෝජ් ගමගේ එහිදී පෙන්වා දුන්නේ.
අභියාචනයකදී සිදුවන්නේ ඉහළ අධිකරණය ලබාදුන් තීන්දුවේ නීතිමය කරුණු පිළිබදව විවාදයක් පමණක් බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කර විමර්ශන නිලධාරීන් විනිසුරුවරුන් ද සම්බන්ධ කරගෙන තීන්දු ලබාදී ඇත්නම් එම චූදිතයන්ට නැවත නඩු විභාගයකින් සාධාරණයක් ඉටු කළ හැකි බවයි.
Share This Article