උණවටුන සංචාරක හෝටල් හිමිකාරිනියක් ඝාතනය කෙරේ
Friday, 10 January 2020 - 12:09 | Views - 1,535
ගාල්ල - උණවටුන සංචාරක හෝටලයක හිමිකාරිණියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
34 හැවිරිදි ඇය ඊයේ රාත්රියේ හෝටලයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය මෙම කාන්තාව ඝාතනය කිරීම සඳහා පසුගිය වසරේදී ද පුද්ගලයින් දෙදෙනෙකු උත්සාහ කර තිබූ අතර පසුව අනාවරණ වුණේ ඉතාලියේ සිටින ඇගේ සැමියා විසින් මොවුන් දෙදෙනාට ඊට අදාණ කොන්ත්රාත්තුව ලබාදී තිබූ බවයි.
කෙසේ වෙතත්, සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදුකිරීමට පෙර පොලිස් අත්අඩංගුවට පත්වුණා.
මෙලෙස මිය ගිය කාන්තාව එක්දරු මවක්.
Share This Article