රුසියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට
Friday, 10 January 2020 - 11:11 | Views - 882
චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.
විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළ පරිදි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන 14 වන දා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති.
චීන විදේශ අමාත්‍ය වෑන් - යි, විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවන්නේ ද ලබන 14 වන දායි.
චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් නිරන්තර සමීප සබඳතා පවත්වන අතර, ඔවුන් එක් වර දිවයිනට පැමිණීම ද විශේෂත්වයක්.
පසුගිය දා ඉරාන සන්නද්ධ හමුදා නායකයා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඊට ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම පිළිබදව චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් අදහස් හුවමාරු කර ගත් බව සඳහන්.
Share This Article