තණමල්විල - සමාධිගම දී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ
Friday, 10 January 2020 - 10:55 | Views - 1,280
තණමල්විල - සමාධිගම ප්රදේශයේ පාළු ඉඩමක තිබී හිසට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන පොලීසිය සොයාගෙන තිබෙනවා.
තණමල්විල පොලීසියට ලද තොරතුරකට අනුව සොයා ගත් මෙම මළ සිරුර 30 හැවිරිදි තණමල්විල - සූරියආර - කුමාරගම ප්රදේශයේ පදිංචිකරුවෙකුගේ බවටයි හෙළි වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳ අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article