යුක්රේන ගුවන් යානය ඉරානය විසින්ම, අත්වැරදීමකින් බිම හෙළුෑ බවට සැකයක්
Friday, 10 January 2020 - 9:15 | Views - 1,074
පුද්ගලයන් 176 දෙනෙකු මරුමුවට පත් කරමින් ටෙහෙරාන් නුවර ආසන්නයේදී යුක්රේන ගුවන් යානයක් අනතුරට ලක්වූයේ ඉරානය විසින්ම අත්වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බවට මතයක් පළ වනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබදව බරපතල සැකයක් මතුවන බවයි.

එම සිද්ධිය වාර්තා වූයේ ඉරානය විසින් ඉරාකයේ හමුදා කදවුරු ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමෙන් අනතුරුවයි.

යුක්රේන ගුවන් යානය ඉරාන මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට නිව්ස් වීක්, සී.බී.එස්. සහ සී.එන්.එන්. වැනි ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ චන්ද්‍රිකා රේඩාර් සහ ඉලෙක්ට්‍රොනික දත්ත උපුටා දක්වමින්. ජනපති ට්‍රම්ප් ඒ බව තහවුරු නොකළ නමුදු එය එසේ සිදුවී ඇති බවට ප්‍රබල ඉඟියක් සිදුකළා.

ගුවන් යානයේ සිටි මගීන් 176 දෙනා අතරින් 63 දෙනෙක් කැනඩා ජාතිකයන්.

මේ නිසා සිද්ධිය පිළිබදව කැනඩාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කියා සිටියේ ඉරාන මිසයිලයකින් ගුවන් යානය කඩා වැටුණු බවට ප්‍රබල සාක්ෂි පවතින බවයි.

යානය කඩා වැටීමට පෙර ගුවනේදී විශාල ආලෝකයක් නිකුත් වීම සහ එය කඩා වැටුණු පසු පිපිරීමට ලක්වීම ඊට සාක්ෂි ලෙස ඔහු ඉදිරිපත් කළා.

අත්වැරදීමකින් සිදුවිය හැකි වුවද සිද්ධිය පිළිබදව විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අවධාරණය කළේ.

ඉරානයේ මෙම අස්ථාවරභාවය ආරම්භ වූයේ ඇමරිකාව විසින් ඉරාන සන්නද්ධ හමුදා නායක කසෙමි සොලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ගුවන් තොටුපළ ආසන්නයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.

මේ අතර, ඉරානයට එරෙහි යුද්ධයකට එළඹීම සඳහා ජනපති ට්‍රම්ප්ට පවතින බලතල සීමා කිරීමේ යෝජනාවක් ඇමරිකානු කොංග්‍රසය ඡන්ද 224ට 194ක් ලෙස ඊයේ සම්මත කර ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top