ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි විස්ස තුන් වන තරඟය අද
Friday, 10 January 2020 - 9:08 | Views - 593
ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අඛණ්ඩ 5 වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ පරාජයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා පිළ අද පූනේ නුවර දී දැඩි සටනකට අවතීර්ණ වනු ඇති.

ඒ, ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වන සහ අවසාන විස්සයි විස්ස තරඟයේදියි.

අද තරඟය සඳහා ඉසුරු උදාන කායික ආබාධයකට ලක්වීම නිසා සහභාගි නොවන අතර, ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දියාව සමඟ ගුවහටි නුවර පැවති පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දමනු ලැබූ අතර ඉන්දෝර් හි පැවති දෙවන තරඟයෙන් ඉන්දියාව පහසු ජයක් වාර්තා කළා.

එහිදී ඉන්දීය පිළේ නවකයන් මෙන්ම ඔවුන්ගේ අත්හදා බැලීම් සාර්ථක වූ බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාව සමඟ පැවති ද්වි පාර්ශවික විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියකින් ජයග්‍රහණය කර නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top