ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි විස්ස තුන් වන තරඟය අද
Friday, 10 January 2020 - 9:08 | Views - 594
ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ අඛණ්ඩ 5 වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ පරාජයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා පිළ අද පූනේ නුවර දී දැඩි සටනකට අවතීර්ණ වනු ඇති.
ඒ, ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වන සහ අවසාන විස්සයි විස්ස තරඟයේදියි.
අද තරඟය සඳහා ඉසුරු උදාන කායික ආබාධයකට ලක්වීම නිසා සහභාගි නොවන අතර, ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන්දියාව සමඟ ගුවහටි නුවර පැවති පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දමනු ලැබූ අතර ඉන්දෝර් හි පැවති දෙවන තරඟයෙන් ඉන්දියාව පහසු ජයක් වාර්තා කළා.
එහිදී ඉන්දීය පිළේ නවකයන් මෙන්ම ඔවුන්ගේ අත්හදා බැලීම් සාර්ථක වූ බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාව සමඟ පැවති ද්වි පාර්ශවික විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියකින් ජයග්‍රහණය කර නැහැ.
Share This Article