හිරු ධර්ම ප්‍රදීපය වැවුරුකන්නල රජමහා විහාරස්ථානයේ
Friday, 10 January 2020 - 7:47 | Views - 452

අදට යෙදෙන දුරුතු පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දික්වැල්ල - වැවුරුකන්නල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වනවා.
උදෑසන 06.00 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.
එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කෙරුණේ විහාරාධිකාරී, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය කරතොට ප්‍රඥාසීල හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
උදෑසන 07.30ට ධජග්ග සූත්‍රය ඇසුරෙන් අභියෝග ජයගැනීම පිළිබඳව කෙරෙන සජීවි විශේෂ ධර්ම දේශනය සිදුකරන්නේ පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියන්.
එමෙන්ම, ද්වේෂය පිළිබඳ විග්‍රහ කෙරෙන විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා.
පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ වෛද්‍ය ආසිරි නිලංග ඊට එක්වීමට නියමිතයි.
මීට අමතරව යුගාසන කාව්‍යමය ධර්ම දේශනය පෙරවරු 10 සිට 11 දක්වා පැවැත්වෙනවා. එය මෙහෙය වන්නේ කාව්‍ය විශාරද පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් සහ කාව්‍ය විශාරද පූජ්‍ය පුබුදුපුර සුමනතිස්ස හිමියන් විසින්.
එමෙන්ම, දහවල් 12 සිට පස්වරු 1 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.
Share This Article