උසස් පෙළ ලියන්න හිටපු තාරක, මිස්කෝල් එකකින් මුණගැහුණු සුරූපිණියක් නිසා ජීවිතයට කරගත්ත අපරාධය - Video
Friday, 10 January 2020 - 7:46 | Views - 591

අරමුණක්, ඉලක්කයක් නැතුව ජීවිතේ ඉබාගාතේ යන්න ගත්තම අපිට අපේ ජීවිතේ නිශ්චිත වටිනාකමක් හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම තමයි, නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව තීරණය නොගත්තොත් අපේ ජීවිතවල පාලනය තවත් කෙනෙක්ගේ අණසකට යටත් වෙන්න පුළුවන්. කෙටි කාලීන ආශාවන් නිසාවෙනුයි අපි ජිවිතේ හැම අතින්ම වරද්ද ගන්නෙ. නිවැරදි හෘද සාක්ෂියක ආඩම්බරකාර හිමිකාරයෙක් වන්න, අවශ්‍ය කරන තව එක පාඩමක්. ඒ නිසා.. හැඟීම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න....
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 105 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
මේ කතාව තාරක ගැනයි...
උසස් පෙළ විභාගයට සුදානමින් හිටපු තාරක සාමාන්‍ය පවුලක කොල්ලෙක්. පවුලේ තනි අලියා වෙච්ච තාරකාගේ අම්මා තාරකට අවුරුදු 5ක් වෙනකොට ජීවිතෙන් සමුගන්නවා. අම්මාගේ සමුගැනීම එක්ක තාරකාගේ "රැකබලාගන්නා" වෙන්නෙ තාත්තා.
තාත්තා ගෙදර ඉන්න වෙලාවට තාත්තාගේ අණසකට යටත් වෙලා ඉන්නවා වුණත්, කවුරුත්ම නොවෙද්දි මේ දඩබ්බරයා හිතුවක්කාර හාදයෙක් බවට පත්වෙන්න ගන්නවා. ඒ සෙල්ලක්කාරකම් කෙළවර වුණේ සිගරට් අරක්කුවලට පවා ඇබ්බැහි වෙමිනුයි.
ඒ අතරේ විභාගේ ගොඩ දාගන්න ලොකු උවමනාවක් තිබුණා වුණත්, කම්මැලිකමෙන් ජීවිතේ නීරස විදිහට ගතකරපු තාරකට ඒ හැම දේම අතපසු වුණා. තාරකාගේ හොඳම යහළුවා වුණේ පසිඳු. දුක සැප බෙදාහදාගන්න මේ දෙන්නා අතරේ රහසක් තිබුණේ නැති තරම්. ඔය අතරතුර තමයි තාරකගේ ජීවිතේ එක රැයින් වෙනස් කරපු "මිස් කෝල් එක" එන්නේ. ඒ නාඳුනන කටහඬ දිගේ ඇවිදගෙන ගිය තාරකට උසස්පෙළත්, තමන් පාසල් ශිෂ්‍යයෙක් කියලත් අමතක වෙනවා.
ඒ නාඳුනන්නිය මධූ. ඇය රැකියාවක කළේ රෙදි අලෙවිසැලක. මේ අහඹු හමුවීමත් එක්ක දෙන්නා අතරේ දුරකථන ඇමතුම් බොහෝමයක් හුවමාරු වුණා. මධූට උවමනා වුණා තාරකව තමන් ළඟට ගෙන්න ගන්න. ඇගේ එකම ආශාව වුණේ තාරකව රහ බලන එක වුණා වෙන්න පුළුවන්. ඒක එහෙම වුණත් වැරදි වයස පහු කරමින් හිටපු තාරක උමතුවෙන් වගේ මධූට බැඳෙන්න ගත්තා. මධූව "නැතුවම බැරි" වස්තුවක් බවට පත් කරගත්තා.
කවුරුත් නොහිටපු මධූගේ බෝඩිමට නිතර යන එන තාරක ඇය එක්ක ලිංගිකව සතුටු වුණා. දවසක්.. දෙකක්... ඊට පස්සෙ ගතවෙන හැම දවසක්ම. ඒ දෙන්නා ජීවිතේ සතුට හොයාගෙන සම්මතයෙන් එපිට පිහිනගෙන ගියා. ඒත් ඒ පිහිනුම අවසානය ඛේදාන්තයක්ම වුණා. කාටත් හොරා නටපු "නාඩගමේ වතගොත" තාරකගේ තාත්තා දැනගන්නවා.
ඒ අතරේ තාරකගේ සිහින කුමාරිය වුණු මධූ හිටි හැටියේ අතුරුදහන් වෙනවා. ඇය ගැන විපරම් කෙරුවත් ඇය ඇගේ රැකියාවත් අතහැර නාඳුනන දිහාවක ගිහින් තිබුණා. ආදරෙත් පහසත් අහිමි වුණු තාරක මානසිකව විඳවන්න ගන්නෙ එතැන ඉඳන්. ජීවිතේ සියල්ලම අහිමි කරගත්තු ඒ හාදයා තමන්ගේ ශරීර කූඩුව වේදනාවෙන් කෑ කෝ ගහන විත්තිය දැනගනිද්දි බොහෝ කල් ගෙවිලා ගිහින්. ඒ වෙද්දිත් තමන් "සමාජ රෝගීයෙක්" වගේ තාරකට තේරුණේ නැහැ.
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
තාරකගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...
Share This Article