ඡායා චන්ද්‍රග්‍රහණය අද
Friday, 10 January 2020 - 7:41 | Views - 1,124
අදට යෙදී ඇති දුරුතු පොහොය දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණයද මෙයයි.

අද රාත්‍රී 10.47 ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන හෙට අලූයම අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව අද රාත්‍රී 12.40 ට එළැඹෙන බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය සඳහන් කළේ.

නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසයි.

චන්ද්‍රයා සහ සූර්යයා අතරින් පෘථිවිය ගමන් කරන විට සඳට පතිත වන හිරු එළිය මුවාවීම චන්ද්‍රග්‍රහණයක් ලෙස හැදින්වෙනවා.

මේ වසරේ තවත් චන්ද්‍රග්‍රහණ 03 ක් යෙදී ඇති අතර ඒවා ජුනි 5, ජූලි 5 සහ නොවැම්බර් 30 යන දිනවල දිස්වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top